හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිදාන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තණමල්විල පොලිස් වසමේ සීමාපව්ව ආරණ්‍ය රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධීව වගාකර තිබූ අඩි 03යි අඟල් 08 ක් පමණ උසකින් යුත් ගංජා ගස් 2,126 යුත් ගංජා වගාවක් නවීන ඩ්‍රෝන තාක්ෂණයෙන් වැටලිම ට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වු අතර එම ගංජා වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20 සමග තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අනෙකුත් ගංජා ගස් එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ්ගේ සමීපතම පුද්ගලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඩබ්.ඒම්.කේ.ඒස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19 ) මිනුවන්ගොඩ පොලිස් වසමේ ඇඹිල්ලවල පාර, පීල්ලවත්ත, මිනුවන්ගොඩ ලිපිනයේ පිහිටි සිල්ලර වෙළදසැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක් සමග මන්නා පිහියක් සමග යතුරුපැදියකින් ගමන් ගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
