සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) වන දින වත්තල පොලිස් වසමේ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීම් 03 ක් සිදුකර ඇත.
එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 492 ක් ත්‍රීරෝද රථයක්, කැබි රථයක් හා යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකථන 02 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තුප්ලහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නෙහොත් කුඩු රොෂාන් හා සෝබනාහංගේ ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් බවට හා දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ දකුණු වෙරලින් මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය මොවුන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලය ඔස්සේ කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.
