රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර් යේෂණ අංශය මාසිකව සංවිධානය කරනු ලබන ‘සිනමාව සමාජ විද්‍යාත්මකව කියවීම වැඩසටහන යටතේ මෙවර ප්‍රදර්ශනය කරනු ලබන්නේ Vardhan ketkar අධ්‍යක්ෂණය කළ Gumraah සිනමාපටයයි.
රාජ්‍ය ප්‍රතිපත්ති අනුව දියුණු සංස්කෘතික මිනසකු බිහි කිරීම සහ සිනමාව සමාජ විද්‍යාත්මකව කියවමින් පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ දැනුම,අධ්‍යාපනය සහ රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය. ත්‍රිවිධ හමුදා මාධ්‍ය අංශ සමග ඒකාබද්ධව මසකට වරක් සංවිධානය කරනුලබන විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම සහ සිනමා කතිකා වැඩසටහන යටතේ ලබන (19) පස්වරු 1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම විශේෂ ප්‍රදර්ශනය පැවැත්වේ.