21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කැනඩා රැකියා සිහින පෙන්වූ ජාවාරම්කරුවන් බොරැල්ලේදී කොටුවෙයි…

කැනඩා රැකියා සිහින පෙන්වූ ජාවාරම්කරුවන් බොරැල්ලේදී කොටුවෙයි…

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ විශේෂ විමර්ශනඅංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන Holistic Holdings නම් ආයතනය විසින් කැනඩාවේ මූල්‍ය ක්ශේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10කමුදලක් ලලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලදී. ඒ අනුව ‍මෙම සැකකරුවන් (12 )

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානයවැටලීම් කරන ලද අතර, එහිදී එම ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් බව හෙලිවී තිබේ. ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ජූලි මස 13දින කොළඹ අලුත්කඩේ අංක 5 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10කශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැඩිදුර නඩු විභාගය 8/26 දින කැඳවීමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments