මෙරට කොන් වී වෙන් වී හුදකලා වී ඇති වතු ජනතාවට පිළිගැනීමක් ලැබුණු බවත් සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුනක් බවත් මෙය වරප්‍රසාද හෝ දේශපාලන වුවමනා වෙනුවෙන් නොව සැබෑම සමාජ ගිවිසුමක් බවත් මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙසම සම්පූර්න වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පැවසීය.
වතු ජනතාවට පුරවැසිභාවය ලැබුණත් එය සර්ව සම්පූර්ණ වී නොමැති නිසා මේ අයව සැබෑ ලෙසම ශ්‍රී ලාංකිකයන් ලෙස පිළිගන්නා ලෙසත් ඒ මහතා මෙහි දී පැවසීය.