26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය රනිල්ට

සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය රනිල්ට

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට වන සුබ ආරංචිය ලබාදුන්නේය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර් මේන්තුවට පිවිසියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments