නත්තල් දින දේව මෙහෙයන් පවත්වනු ලබන අද (24) සහ හෙට (25) දිනයන් වල දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම උපදෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බවයි.
“තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටන් සඳහන් කර සිටියා.