21.4 C
Sri Lanka
Tuesday, May 13, 2025
Homeදේශීය පුවත්මහනුවර ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් වෙනුවෙන් ලක්ෂ 50

මහනුවර ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් වෙනුවෙන් ලක්ෂ 50

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කොළඹ දිස්ත්‍රික් සංගමය විසින් මහනුවර ජාතික රෝහල වෙත පී.සී.ආර්. යන්ත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අද දින (එනම් 2020.12.24 දින)  මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය වෙත පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කොළඹ දිස්ත්‍රික් සංගමයේ සාමාජිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම මුදල පරිත්‍යාග ගත කළ අතර මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළේ රටේ ඇතිවන ඕනෑම අවස්ථාවකදී ඒ වෙනුවෙන් පෙරමුණට ඒමට තමා ප්‍රධානත්වය දරණ ඕනෑම ආයතනයක් සූදානම් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර ජාතික රෝහලට මෙවැනි දායකත්වයක් සිදු කිරීමට තමාට හැකි වීම පිළිබඳව සතුටු වන බවත් ප්‍රකාශ කළේය.  

මේ අවස්ථාව සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ගරු තිලක් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කොළඹ දිස්ත්‍රික් සංගමයේ සාමාජිකයන් පිරිසක් සහභාගි වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments