27.5 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්ජනවාරි 01 සිට සිනමාශාලා විවෘත කරයි. ධාරිතාවය 25%

ජනවාරි 01 සිට සිනමාශාලා විවෘත කරයි. ධාරිතාවය 25%

සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශනමාලාවකට යටත්ව  25%ක ප්‍රේක්ෂක ධාරිතවකින් යුතුව ලබන(01) සිට සිනමාශාලා විවෘත කිරීමට අවසර ලැබුණු බව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුර බී. රැකව මහතා ප්‍රකාශ කරයි. 

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ  විමසුමකදී අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය......  ඒ අනුව ඉදිරි වසර දෙක තුල කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසවංගතය හේතුවෙන් ක්‍රම දෙකක් යටතේ චිත්‍රපට බෙදාහැරීම හා චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සාමාජිකයින් සංස්කෘතික අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි අධ්‍යක්ෂ ජනරාල්, ඇතුළු අදාල බලධාරීන් සමග සාකච්ඡා කොට අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශ හා වගේම රජයේ වෛදවරුන්ගේ සංගමය එක්ව මාර්ගෝපදේශනවලියක් සකස් කොට මේ අවසරය ලැබි තිබෙනවා. 

ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, සෞඛ්‍ය ඇමැතිණි පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, වෛද්‍ය සේවය වෙනුවෙන් වෛද්‍ය හේමන්ත හේරත් හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය අනුරුද්ධ පාදේණිය යන මහත්වරුන්ට ස්තූතිය පළ කළ යුතුයි. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments