වැල්ලවත්ත නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී ඉකුත් පෙබරවාරි (16) රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු අනතුරට පත් කොට පොලිස් යතුරු පැදියක් හප්පා පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණි මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුතා වන නදීන් බාසික් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවත්ත හැවලොක්සිටි අසල දී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් ඉකුත් පෙබරවාරි (16) වැටලීමේදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැති ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතා වන නදින් බාසික් සහ අංගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරිමේදී නිලධාරියාව අනතුරට ලක් කරමින් පොලිස් යතුරු පැදියකට අලාභානි කර මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර නදීන් බාසික් පලාගොස් ඇති අතර ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරං පවුම් 100 ක් මෝටර් රථ 03 ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03 ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛණ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සහ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය වෙත භාර දුන් පසු මෙම සිද්ධියේ ශිරාන් බාසික්ගේ පුත් නදින් බාසික් (28) ඩුබායි රාජ්‍යයේ විදේශ ගතව සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනි පසු මිනීමැරීමකට තැත් කිරීම සහ රිය අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් පෙරබවරි (16) මත්ද්‍රව්‍ය වැටලීමට අදාලව නදින් බාසික් අත්අඩංගුටව ගැනීම වලක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට විරුද්ධව මහාධිකරණයෙන් නදීන් බාසික් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා ගෙන තිබුණි.
2024.02.16 වන දින අනතුරක් කර පලා යාමට අදාලව සහ මිනීමැරිමක් කිරීමට තැත් කර පලා යාම සම්බන්ධයෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ශිරාන් බාසික් ගේ පුතා වන නදීන් බාෂික් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් (28) එනමි අද දින මෙසේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිනීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
