අද (25) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
අක්කරෙයිපත්තු මුලික රෝහලට සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදි එම පුද්ගලයා ඊයේ (24) මිය ගොස් ඇත.
මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වු උග්‍ර හෘද ආසාදනයකි.