23.2 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ...

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව සූදානම්වේ.

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව 2024 වසරේ මුල් මාස 6 තුළ සිදුකරනු ලැබු මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කරන ලද රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතු දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම සිදු කරනු ඇත.

එමගින් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය ආනයනය කර ඇත්තේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙනය. කටුනායක ගුවන් තොටුපළේදී මෙම අධි අවදානම් මගීන් හඳුනාගැනීමේදී ප්‍රත්‍යන්ත ආවේක්ෂණ මධ්‍යස්ථානය (Border Risk Assessment Center – BRAC) විසින් සපයන ලද සහාය ද ඉතා වැදගත් විය. අත්අඩංගුවට ගත් දුම්වැටි අතර Manchester, Benson & Hedges, Gold Leaf, Malboro, Dunhill, Esse, Platinum, Diamond යන වෙළඳ සන්නාම සහ චීන වෙළඳ සන්නාම කිහිපයක් ද වේ. රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙම දුම්වැටි රාජසන්තක කර ඇත. රාජසන්තක කරන ලද මෙම දුම්වැටි තොගය පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ විනාශ කිරීම සිදු කරනු ඇත.

මෙම දුම්වැටි තොගය විනාශ කිරීම, නීත්‍යානුකූල වෙළඳ මාර්ගවලට පටහැනිව සිදුකරන නීතිවිරෝධී දුම්වැටි වෙළඳාමට එරෙහිව සටන් කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් බව රේගුව අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments