29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොකේන් වර් ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් රේගු දැලේ

කොකේන් වර් ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් රේගු දැලේ

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරනු ලැබු පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් රේගු නිවාරන අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරණයක සූක්ෂමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිෂ්කාශන නියෝජිතයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments