ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකයන් සමග සමීප සම්බන්ධකම් පවත්වන මීගොඩ පොඩි චව්වාගේ මත්ද්‍රව්‍ය ජාලය දීර්ඝ කාලයක සිට මෙහෙය වූ කාන්තාවක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) අතුරුගිරිය පොලිස් වසමේ අංක 128/03, රනාල පාර, හබරකඩ, හෝමාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන හබරකඩ, හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක කාන්තාවක් හෙරොයින් මිලි ග්‍රෑම් 1,300 සන්තකයේ තබාගෙන සිටි අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, අත්අඩංගුවට ගත් සැකකාරිය ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හා පොඩි තිළිණ යන අය සමග සමීප සම්බන්ධතා පවත්වනු ලබන නුවන් වනිගසේකර නොහොත් මීගොඩ පොඩි චව්වා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටින කාන්තාවක් බව වැඩිදුර විමර්ශනයේදි අනාවරණය වී ඇත.