තේමාව යටතේ ජන අරගල සන්ධානය මෙවර මැතිවරණය සඳහා තරඟ කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් (07) කොළඹ ලයන්ස් ක්ලබ් හිදී හවස 2.30ට පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ
ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක දුමින්ද නාගමුව.
” විපක්ෂය වෙනස් කරමු කියන තේමාව ඔස්සේ තමයි අපි මේ මැතිවරණයට එන්නේ. අපි ජනතාවට කියනවා දේශපාලනය ගැන කළකිරිලා මේ මැතිවරණයේදි ඡන්දය භාවිතා නොකර ඉන්න හිතාගෙන ඉන්නවනම් එහෙම කරන්න එපා. මොකද රාජපක්ෂ කඳවුර, රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා ඇතුළු දූෂිත කඳවුර මේ මැතිවරණය ඇතුලෙ පරාජය වුනා. හැබැයි දැන් ඒ දූෂිත කඳවුර සූදානමින් ඉන්නවා නැවත වටයකින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ බලය තහවුරු කරගන්න. අපි කියන්නෙ ජනතාවට මේ දූෂිත කඳවුර පාලනයෙන් පැන්නුවා වගේම ඔවුන්ව විපක්ෂයෙනුත් පරාජය කරන්න ඕන.
එහෙම කරන්න නම් ජනතාවට වෙනවා ජනතාව නියෝජනය කරන ශක්තිමත් විපක්ෂක් නිර්මාණය කරන්න. ඒ විපක්ෂය පෙනී ඉන්න ඕන පසුගිය ජනතා අරගලයේ අභිලාෂයන්. අන්න ඒ ජනතා අභිලාෂයන් පාර්ලිමේන්තුව ඇතුලෙත් නියෝජනය වෙන්න ඕන කියලා අපි හිතනවා. මේ මැතිවරණයේදි ජන අරගල සන්ධානය විදිහට අපි සියලු දිස්ත්‍රික් සඳහා තරඟ කරනවා. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විදිහට තරඟ කරන්නේ නුවන් බෝපගේ. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විදිහට තරඟ කරන්නෙ වසන්ත මුදලිගේ. ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක විදිහට තරඟ කරන්නෙ ලහිරු වීරසේකර. මේ හැමෝම පසුගිය අරගලයේදී ජනතාව එක්ක හිටගත්ත අය. මේ අරගලයේදී විතරක් නෙමෙයි ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙන හැමවෙලාවෙම ඔවුන් ඔබ එක්ක හිටියා. සයිටම් සටනෙදි ඔවුන් හිටියා. කොතලාවල පනතට එරෙහිව ඔවුන් හිටියා. මීතොටමුල්ල අරගලය ඔවුන් නියෝජනය කළා.
දැන් අපි ජනතාවට කියනවා මේ මැතිවරණයේදි ජන අරගල සන්ධානය එක්ක එකතු වෙන්න. අරගලයේ අභිලාෂයන් පාර්ලිමේන්තුව ඇතුලෙ නියෝජනය වෙන්න ඕන. අලුත් ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන. ජනතාවට තීරණ ගැනීමේ බලය ලැබෙන්න ඕන. පීඩාකාරී IMF වැඩපිළිවෙළ පරාජය වෙන්න ඕන. මේ සඳහා විකල්ප වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ විකල්පය නියෝජනය කරන්නේ ජන අරගල සන්ධානය.
ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක නුවන් බෝපගේ.
” සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරාජය කරල අලුත් දේශපාලන පක්ෂයක් බලයට ගෙනල්ලා ජනතාව මේ පණිවුඩයක් දීලා තියෙන්නෙ. හැබැයි අපි පහුගිය කාලේ පුරාවට ජනතාව එහෙම වෙනසක් බලාපොරොත්තුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාර බලයට ගෙනාවට ඔවුන් ජනතා අභිලාෂයන්ට එරෙහිව යන අවස්ථා තමයි පහුගිය කාලෙ පුරාවට දකින්න ලැබුනේ. ඒකට හේතුව තමයි මෙච්චර කල් විපක්ෂය නියෝජනය කලේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළක්.
ඔවුන් හැමවෙලාවෙම කලේ ජනතාව පැත්තෙ හිටගන්න එක නෙමෙයි ආණ්ඩුව පැත්තෙ හිටගන්න එක. ඒක තමයි දැන් හර්ශ ද සිල්වා කියන්නෙ අපි ඉදිරිපත් කරපු IMF වැඩපිළිවෙළ තමයි මේ ආණ්ඩුවත් කරගෙන යන්නෙ කියලා.
අපි කියන්නෙ අන්න ඒ දුර්වල විපක්ෂය වෙනුවට මෙවර විකල්ප වැඩපිළිවෙළක් සහිත විපක්ෂයක් පාර්ලිමේන්තුවට ගේමු. ජනතාව ඉල්ලා සිටින සටන් පාඨ වෙනස්කම් නියෝජනය කරන විපක්ෂයක් පාර්ලිමේන්තුවට එන්න ඕන. ඔබ දන්නවා මේ ජන අරගල සන්ධානය විදිහට අද මෙත වාඩිවෙලා ඉන්න මුහුණු තමයි ඔබ එක්ක අරගල බිමේ හිටියෙ. ඒක නිසා මේ මුහුණු නියෝජනය කරන්නෙ ඔබේ අභිලාෂයන්. ඔබට ඒ විස්වාසය අපි ගැන තියන්න පුලුවන්.
මම මේ මැතිවරණයට තරඟ කරන කොළඹ දිස්ත්‍රික්කය තමයි වැඩියෙන් පීඩාවට පත් වුණ ජනතාවක් ඉන්නෙ. පැල්පත් නිවාසවල ජීවත් වෙන ඔබට සෞඛ්‍ය ගැටලු පිරිලා. දරුවා ඉස්කෝලෙට යවාගන්න විදිහක් නෑ. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන් පීඩාවට පත් වුනේ කොළඹ මධ්‍යමපාන්තික ජනතාව. ජාතික ගැටලුව නිසා පීඩාවට පත් වෙලා ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් කොළඹ ඉන්නවා.
ඒ නිසා අපි කොළඹ දිස්ත්‍රික් ජනතාවට සහා රටේ සියලු ජනතාවට කියනවා ඔබ අලුත් ආණ්ඩුවක් හැදුවා වගේම අලුත් විපක්ෂයකුත් හදමු. ආණ්ඩුවට අභියෝග කරල ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න වෙන තැනට ආණ්ඩුව අසරණ කරන්න පුලුවන් විපක්ෂයක් හදමු. නැවත වටයකින් රාජපක්ෂලා රනිල්ලා බලයට එන එක නවත්තන්න නම් විකල්ප වැඩපිළිවෙළක් ඔබ මේ මැතිවරණය ඇතුලේ ජයග්‍රහණය කරවන්න ඕන. ඒ සඳහා ජන අරගල සන්ධානය වටා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
ජන අරගල සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ.
” මේ වෙද්දි මහමැතිවරණයක් සඳහා රට සූදානම් වෙලා ඉන්නෙ. රටේ ජනතාව පහුගිය කාලෙ පුරාවටම කිව්වෙ මේ රට ආර්ථික දේශපාලන වශයෙන් බංකොලොත් කරපු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරාජය කරන්න ඕන කියන කාරණය. පසුගිය මැතිවරණ ප්‍රතිඵල තුළ ඒ ඉඟිය තමයි ජනතාවගෙන් ලැබුනේ.
රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා පහුගිය කාලේ පුරාවට උත්සහා කලා ඒ ජනතාවගේ මතය කොල්ල කන්න. ජනතාව නැවත නැවතත් ආර්ථික වශයෙන් අගාධයට ඇදල දාන න්‍යාය පත්‍රය තමයි ඔවුන් ක්‍රියාත්මක කරමින් හිටියෙ. නමුත් ජනතාව රනිල් වික්‍රමසිංහ වගේම ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළත් පරාජය කරල තියනවා. පහුගිය කාලෙම අධ්‍යාපනය විකුණන්න, සෞඛ්‍ය විකුණන්න, රාජ්‍ය දේපළ විකුණන්න, ජනතාවට බදු ගහන්න අවශ්‍ය කරන කොන්දේසි තමයි IMF එක අරගෙන ආවේ. දැන් ඒ IMF එකම අලුත් වටයකින් ඇවිල්ලා යකාගෙ දත් ගලවගෙන මේකප් කරගෙන අනේ අපි හොඳයි කියලා ජනතාවට පෙන්න උත්සහ කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ඉන්දියාව ලංකාවේ ආර්ථික දේශපාලන ස්වාධීනත්වය නැතිකරන උපායමාර්ගික සැළසුම ක්‍රියාත්මක කරන්න බලාගෙන ඉන්නවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික අයිති කරගන්න, උතුරේ දූපත් ටික අයිති කරගන්න, අදානිට අම්බානිට ඕන විදිහට ලංකාවේ ආර්ථිකය හසුරුවන බලය ලබා දෙන්න තමයි ඉන්දියාවට ඕන වෙලා තියෙන්නෙ.
ජනතාව පසුගිය මැතිවරණ ප්‍රතිඵල තුළින් බලාපොරොත්තු වුනේ ප්‍රතිපත්තිමය වෙනසක්. මුහුණු මාරු කරල නැවත වටයකින් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි ජනතාව ඡන්දය භාවිතා කළේ. ජනතාව ඉල්ලා සිටියා අලුත් ව්‍යවස්ථාවක්, නියෝජිතයින් නැවත කැඳවීමේ බලය, මූල්‍ය තීරණ වලට මැදිහත් වීමේ බලය, ඒ වගේම IMF වැඩපිළිවෙළ ඉන්දියානු මැදිහත් වීම පරාජය කරන්න ඕන කියන අදහස ජනතාවට තිබුණා. ඒ ජනතා අභිලාෂයන් අපි ඉටුකරගන්න ඕන. රනිල්ලා රාජපක්ෂලා විපක්ෂයට ගෙනල්ලා ඒක කරන්න පුලුවන් කමක් නෑ.
දැන් රාජපක්ෂ කඳවුර, රනිල්ලා, සජිත්ලා මේ හැමෝම මේ මැතිවරණය ඇතුලේ නැවත අරගෙන එන්න සූදානම් වෙන්නෙ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ දූෂිත කඳවුර පාර්ලිමේන්තුවෙනුත් පරාජය කරන්න ඕන. ඒ නිසා ජනතා අභිලාෂයන් නියෝජනය කරන ජන අරගල සන්ධානය විපක්ෂය විදිහට ගේන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.
ජන අරගල සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලහිරු වීරසේකර.
” මේ පාර්ලිමේන්තු ක්‍රමය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම අපි දැක්කා. ඒ අසමත්කමේ පණිවුඩය තමයි ජනතාව මේ මැතිවරණය තුළින් දුන්නේ. මේ රටේ සදාකාලික දේශපාලන අයිතිය ලියාගෙන හිටපු රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා පරාජය වීම කියන්නෙම ඒ අර්බුදයේ ප්‍රකාශයනයක්. හැබැයි පහුගිය කාලේ පුරාවටම හිටපු විපක්ෂයත් හැමවෙලාවෙම ජනතාවට උත්තර දෙන්න සමත් වෙලා නෑ.
ඔවුන් කිසිවෙකුට පවතින දේශපාලන වැඩපිළිවෙළ පරාජය කරන්න පුලුවන් විකල්ප වැඩපිළිවෙළක් තිබුණෙ නෑ. IMF වැඩපිළිවෙළ එක්ක යන ගමනක් තමයි විපක්ෂයට තිබුණෙ. ඒක නිසා තමයි ඔවුනුත් ජනතාව අතින් පරාජය වුනේ. ඉන්දියාව කියන කියන පදේට නටන ඉන්දියානු මැදිහත්වීම් වලට එරෙහිව හඬ අවධි නොකරන විපක්ෂයක් තමයි පහුගිය කාලේ තිබුණෙ.
පසුගිය කාලේ මේ රටේ විපක්ෂයේ භූමිකාවට පණ පෙව්වෙ රටේ ජනතාව. මහපාරේ තමයි විපක්ෂයේ හඬ තිබුණෙ. පාර්ලිමේන්තුව ඇතුලෙ හිටපු විපක්ෂය කියාගත්ත අය මොකද කලේ ආණ්ඩුව කරන හැම එකටම අත උස්සගෙන හිටපු එක. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ දූෂිත දේශපාලන මළකුණු නැවත වටයකින් බලයට ගේන්න කටයුතු කරන්න එපා. මොකද ඔවුන් ඔබව නියෝජනය කලේ නෑ. පාර්ලිමේන්තුවෙන් එළියෙ ඔබත් එක්ක හිටගත්ත මිනිසුන්ව මේ මැතිවරණය ඇතුලේ විපක්ෂය විදිහට වාඩිකරවමු. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන්න හැකියාව තියෙන්නෙ එහෙම විකල්ප විපක්ෂයකට විතරයි. ඒක නිසා මේ මැතිවරණයේදි ජන අරගල සන්ධානය එක්ක එකතු වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.”