22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වෙළඳ අමාත්‍යංශයෙන් දැඩි තීරණයක්

වෙළඳ අමාත්‍යංශයෙන් දැඩි තීරණයක්

සතොස ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියළු ආයතන වල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, ඇතැම් ආයතන විසින් පාරිභෝගිකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින්. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ලබා ගනිමින් මෙවැනි ආයතන සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බවයි.

රාජ්‍ය ආයතන වල සිදුවන මෙවැනි වංචා පිළිබඳ තමන්ට තොරතුරු ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.

වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබූ තේ තොගයක් ජනතාවට ලබා නොදී රෙදි සෝදන සබන් සමඟ එකට ගබඩා කර තිිබූ බූස්ස සතොස තොග ගබඩාවේ කළමනාකරුගේ වැඩ තහනම් කලේ ද මෙම වැඩපිලිවෙලට අනුව බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments