22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමයි

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමයි

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණය මුදලක් ලබා ගනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments