ඊයේ (04) කෑගල්ල බන්ධනගාරයේ කල සෝදිසි මෙහෙයුමකදී තහනම් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි ඒකකය මගින් මෙම මෙහයෙුම සිදු කර තිබේ. මාවනැල්ල බුදුපිළිම වරල පහරදීමට අදාල පිරිස් රදවා සිටින අංශයක් මෙලෙස සෝදිසි කිරීමට ලක්ව තිබෙන අතර එහිදී එම රැදවියන් සතුව තිබී ජංගම දුරකථන 05 / සිම්පත් 10 / බැටරි 11 / පෙන්ඩ්‍රයිව් 01 අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ බන්ධනාගාර බුද්ධි ඒකකයට භාරගෙන තිබේ.
මෙවැනි හදිසි සෝදිසි කිරීම් දිවයිනේ සියලු බන්ධනාගාර වල සිදුකිරීමට බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා උපදෙස් ලබාදී තිබේ.