Home කලා පුවත් ඖෂධ මාෆීයාවේ තව මානයක් අනාවරණය කරන ”RAAZ” සුභ මොහොතින් වැඩ අරඹයි .

ඖෂධ මාෆීයාවේ තව මානයක් අනාවරණය කරන ”RAAZ” සුභ මොහොතින් වැඩ අරඹයි .

0
2

සිංහල සිනමා කර්මාන්තය නව පිබිදීමකට නතුව ඇති සමයක , විවිධ තේමාවන් යටතේ නව චිත්‍රපට ඇරඹෙමින් පවතී . ඒ අනුව යමින් , ” RAAZ” නමින් නවතම චිත්‍රපටයක සමාරම්භක මුහුරත් උත්සවය කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විශ්ණු මූර්ති කෝවිල් පරිශ්‍රයේදි සිදුකෙරිණි.

එය ඉකුත් (19) පැවැත්වුණි. ශේන් ආර්යන් නිලාම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන ” RAAZ” චිත්‍රපටය , අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් , අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරනු ලබයි .ඔහු මෙයට පෙර සිනමාවට ” රෝස ආදරේ ” සහ පුංචි තිරය තුළින් ” බැක් සයිඩ්” එළිදැක්වීමට නිෂ්පාදන දායකත්වය දක්වා ඇත. ඖෂධ මාෆියාකරුවන් සමාජගත කරන වෛරසයකට එරෙහිව ප්‍රතික්‍රියා කරන නව ඖෂධයක් වෛද්‍ය අශේන් සොයා ගැනීමත් සමගින් , ඔහු පසුපස හඹාඑන මාෆියාකරුවන් වෛද්‍ය අශේන්ව පැහැරගැනීමකට ලක්කරයි .
ආදරය , කුතුහලය සහ ත්‍රාසය එක්කරමින් ” RAAZ” නිර්මාණය වීමට නියමිතයි . නිමේෂ් එදිරිසිංහ , සප්නා පාදුක්ක , තත්සරණි පියුමි සමගින් පැතුම් රුක්ෂාන් ප්‍රධාන චරිතයන් සඳහා දායක වන අතර සෙසු චරිත නිරූපණයෙන් දකුණු ඉන්දීය රංගන ශිල්පි වේල රාමමූර්ති ,නයෝමි තක්ෂිලා , දුලීකා මාරපන , කුමාරි මුණසිංහ , මීනා කුමාරි , කීර්ති කේ. රත්නායක , ආකාශ් බුද්ධි ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත .කැමරා අධ්‍යක්ෂණයෙන් රෙජී සෙල්වරාසා , කැමරාකරණයෙන් අමිල ප්‍රදීප් ,සහය අධ්‍යක්ෂණයෙන් අලංක ටී .කළුආරච්චි , කලා අධ්‍යක්ෂණයෙන් ධනංජය අලහාකෝන් , අංග රචනයෙන් ආසිරි චතුරංග , ඇඳුම් නිර්මාණයෙන් කෝෂිලා මධුශානි ඇතුළු පිරිසක් මේ සඳහා දායකව ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here