Home කලා පුවත් සිත්තරකුගේ සිනමා රූප රිද්මය එළි දකී…

සිත්තරකුගේ සිනමා රූප රිද්මය එළි දකී…

0
1

යුගයේ සිනමාකරු උදයකාන්ත වර්ණසූරිය මහතා පිළිබඳ තොරතුරු රැගත් ජීවන්ත දයානන්ද රචනා කළ ‘සිත්තරකුගේ සිනමා රූප රිද්මය‘ කෘතිය ජනගත කිරීම (04) සවස මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරිණි.

මෙහිදි සිනමා විචාරක ගාමිණි වේරගම, චින්තන ධර්මදාස හා ජනකාන්ත රංඟන ශිල්පි රන්ජන් රාමනායක යන මහත්වරු කෘතිය හා උදයකාන්තයන්ගේ සිනමා චාරිකාව පිළිබඳ අදහස් දැක්වූහ. දේශීය සිනමාව යම් බිඳවැටීමකට ගොදුරු වෙමින් තිබුණු සමයක සිනමාශාලා වැසි යමින් පොහොර ගබඩා තත්ත්වයට පත්වෙමින් තිබුණු යුගය පසෙකලා මහමෙර උසට, ගිනි අවි හා ගිනිකෙළි, බහුභාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, හිරිපොද වැස්ස,මධුර චාරිකා,රන්දිය දහර වැනි චිත්‍රපට දේශීය සිනමාවේ ප්‍රබෝධයක් ඇති කරමින් සිනමා ප්‍රේක්ෂකාගාර තුලට ප්‍රේක්ෂකයින් පුරවමින් යළි දේශීය සිනමායට යම් ජවයක් ලබාදුන් මෙම කලාශිල්පියා ගැන ලියැවුණු ග්‍රන්ථය එළිඳැක්වු අවස්ථාවට එක්වූ සියලු දෙනාගේම මතය වූයේ ඔහු මීට පෙර චිත්‍රශිල්පියෙකු නිසා මෙම රූප පෙළ ගැස්ම ඉතා නිර්මාණාත්මක සිදුකිරීමට යම් ප්‍රවීණත්වයක් ලබා තිබෙන බවය.

තමන් සිනමා කරළියට පැමිණ වසර විසිහතක් සපුරා ඇති බවත් සිනමාපට විසිහතක්ද නිර්මාණය කර අපූරු වාර්තාවක්ද තබා තිබෙන බව කතා කළ සිනමා විචාරක මතය විය. සිනමා ලෝකයට නවකයින් රැසක් හඳුන්වදීම පිළිබඳ උදයකාන්තයන්ට ප්‍රණාමය පුදකළ සිනමා නළු රන්ජන් රාමනායක මහතා එම කාර්යන් ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනා කළේය.

අභියෝග මැද කටයුතු කිරීමේ අපූරු හැකියාවක්ද ඇති මෙම කලාකරුවාට තවත් අපූරු මනස්කාන්ත සිනමාපට තුලින් දේශීය සිනමාව පෝෂණය කිරීමට හැකියාව ලැබේවා යන්න පැමිණි ප්‍රේක්ෂකයින් සුභ පැතූහ. එමෙන්ම මෙම ග්‍රන්ථය රචනා කළ ජීවන්ත දයානන්ද කතුවරයාට සිනමා ප්‍රේක්ෂක සුභ පැතුම් හිමිවූහ.

සටහන – අනුර ප්‍රේමලාල් / ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here