
මෙරට ප්‍රවීණ ජනප්‍රිය හා සම්මානනීය සිනමා නිර්මාණවේදී උදයකාන්ත වර්ණසූරිය සිය සිනමා නිර්මාණ චාරිකාවේ 29 වන සිනමා නිර්මාණය ලෙසින් ” මේඝ වර්ෂා” චිත්‍රපටයේ සමාරම්භක මුහුරත් උළෙල ඉකුත් සැප්. (08) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදි , චිත්‍රපටයේ රංඟනයෙන් දායකවන නළු- නිළියන් , මාධ්‍යවේදීන් හා විශේෂ ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
විවිධාකාර ගති පැවතුම් ඇති තරුණයින් දෙදෙනෙකුගේ මුසපත් ආදරයට හා සිය පවුලේ පීඩනය අතරට මැදිවන සූරූපි දඟකාර සොඳුරු යුවතියක් පිළිබඳව ගෙතී ඇති මෙම කතාව සංගීතමය හා විනෝදාත්මක සිතුවම් පටයක් ලෙස හැඳින්වේ.
මෙහි රංගනයෙන් , දමිත් විජයතුංග , චතුර රාජපක්ෂ , අංජලී වත්සලා ජයසිංහ , සනත් ගුණතිලක , දූලීකා මාරපන , හේමසිරි ලියනගේ , ඩිලානි අබේවර්ධන , සංගීත් ප්‍රභූ , සංජය මුරමුදලි , චන්දිමා කරුණාදාස , රොහාන් විජේතුංග , මල්කාන්ති ජයසිංහ , ඕදාත හංසක , විශ්ව ලංකා හා කිෂූ ගෝමස් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් දායකත්වය දක්වන අතර , කැමරා අධ්‍යක්ෂණයෙන් චන්ද්‍රසේකර් , සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ , ගීත නිර්මාණයෙන් භාතිය ජයකොඩි , සන්තුෂ් වීරමන් , සෙන්ටිග්‍රේඩ් තුසිත, ගීත රචනයෙන් නිලාර් එන් කාසිම්, සහය අධ්‍යක්ෂණයෙන් ඩොනල් ජයන්ත , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් නලින් ප්‍රේමතිලක , ඇඳුම් නිර්මාණයෙන් ශාන්ති වර්ණසූරිය සමගින් ප්‍රියන්ත දසනායක , නිෂ්පාදන සැලසුම්කරණයෙන් හංසලී සමරවික්‍රම , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි ඇතුළු ප්‍රවීණයන් රැසක් එක්වන “මේඝ වර්ෂා” කතාව හා තිර රචනයද උදයකාන්ත වර්ණසූරියගෙනි . මෙය , ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ අභිමානවත් නිෂ්පාදනය ක් ලෙසින් ප්‍රේක්ෂකයා අතරට පත්වීමට නියමිතව ඇත .











ඡායාරූප
ඉන්දික මල්ලවආරච්චි