25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්විමල්ගේ කතාවට පොහොට්ටු නායක මහින්ද ප‍්‍රතිචාර දක්වයි..

විමල්ගේ කතාවට පොහොට්ටු නායක මහින්ද ප‍්‍රතිචාර දක්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවක් විමල් වීවරංශ මහතා ප්‍රකාශ කල බවක් තමන් නොදන්නා බවයි.

අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීම අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය.

එම හමුව සඳහා සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් ගැන නොව ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුල නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නොනැගෙන බවයි. එනිසා ජනාධිපතිටද පක්‍ෂය තුල ඉහල තනතුරක් දිය යුතු යයි තමන් අදහස් පල කල බවද ඔහු සදහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවත් තමන් ඉවත් කිරීමක් කල යුතු බවට සඳහනක් තමන් නොදුටු බවත්ය.

කෙසේ වෙතත් මෙම ගැටුම තවදුරටත් අරන් යා යුතු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

උණුසුම් තත්වයක් ඇතිවෙතැයි අනුමාන කර තිබූ එම පක්ෂ නායක රැස්වීම එවන් තත්වයක් ඇතිව නැත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments