29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය

ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක  හනා සිංගර් මැතිණිය හමුවක්ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන් අතර හමුවක් ඊයේ දින (2020.10.05) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග හා සමාජ දුරස්ථභාවය රැක ගැනීම කෙරෙහි උනන්දු කරවීමේ තිබෙන වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යතුමන් හා සිංගර් මහත්මිය අතර සාකච්ඡා විය. වසර 2030 වන විට  තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුලින් ආර්ථිකයෙහි වර්ධනය සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරන බැවින් ඒ සඳහා තම සංවිධානයෙන් ලබාදිය  යුතු සහාය ලබා දීමට කටයුතු කරන බවත් සිංගර් මහත්මිය පැවසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ ඇය පොදු ප්‍රවාහන සේවා නවීකරණය හා පරිසර හිතකාමී සුවපහසු සේවාවක් සැපයීමට හැකිවන පරිදි මාර්ග අනතුරු අවමකර, ආරක්ෂාකාරී පහසුකම් ජනතාවට සැපයීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සහාය ලබා දීමටත් අපේක්ෂා කරන බවත් පැවසීය. එසේම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදි විශේෂයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වීම කෙරෙහිද සිය අවධානය යොමු කළාය.

මෙහිදී අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මැතිතුමන් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාතික වැඩසටහන් හා ප්‍රතිපත්ති  විශ්ලේෂක ශාරිතා කුරේ මහත්මිය හා ප්‍රවාහන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments