21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්හාපිටිගම-වේයන්ගොඩ විද්‍යාපීඨවලට ඇතුළුවීමත් පිටවීමත් තහනම්

හාපිටිගම-වේයන්ගොඩ විද්‍යාපීඨවලට ඇතුළුවීමත් පිටවීමත් තහනම්

මීරීගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුහු හයදෙනෙක් දිවුලපිටිය ශ්‍රී ඥානාවාස විදුහලේ සීමා වාසික ඉගැන්වීම් කටයුතුවල යෙදීම හේතුවෙන් ඔවුන්ද ඇතුළුව එම පීඨයේ එකසිය අනූවක් පමණ වන සියලුම ගුරු සිසුන්ට ඉන් පිටවීම තහනම් කර ඇත.

ආචාර්යවරු කිහිප දෙනෙක් ද පීඨයේ සිටිති. පීඨයෙන් පිට නොවන ලෙස ඔවුන්ට ද උපදෙස් දුන් බවත් පීඨ පරිශ්‍රයේදීම මෙම සියලු දෙනා සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ඥානාවාස විදුහල කොවිඩ් වයිරසය ආසාදිත දිවුලපිටිය කාන්තාවගේ දියණිය අධ්‍යාපන ලැබූ පාසල හෙයින් මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම පීඨයේ සේවය සඳහා දිනපතා පැමිණෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද පීඨයට ඇතුළු වීම තහනම් කර ඇති අතර ඔවුන්ට අත්සන් කර ආපසු යාමට අවස්ථාව ලබා දෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර පවතින තත්ත්වය මත වේයන්ගොඩ සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සියලුම සිසුන්ට ද ඉන් පිටවීම තහනම් කර ඇති අතර වෙනත් කිසිවකුට පීඨයට ඇතුළු වීමද තහනම් වෙයි. එමෙන්ම පැවැති බෝ වන රෝගී තත්ත්වයක් මත වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයද මීට දින කිහිපයකට පෙර සිට වසා දමා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments