Homeකලා පුවත්දරු සෙනෙහේ පරදන දරිද්‍රතාවය නිසා සිදුවන ළදරු ජාවාරම සිහිපත් කරන...

දරු සෙනෙහේ පරදන දරිද්‍රතාවය නිසා සිදුවන ළදරු ජාවාරම සිහිපත් කරන විහඟ ප්‍රේමය ලබන (07)රිදීතිරයට

‘විහඟ ප්‍රේමය’ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි.

විහඟ ප්‍රේමය තුල කියැවෙන්නේ මෙරට බිළිඳු දරුවන් විදේශිකයන් හට අලෙවි කරන කූඨ ජාවාරමක් පිළිබඳ අනාවරණයකි, නැඟෙනහිර පළාතේ කුඩා ගම්මානයක උපන් අමිල(අකලංක ප්‍රභාෂ්වර) 19වැනි හැවිරිදි පිරිමි ළමයෙකි. ඔහුගේ දෙමව්පියන් අහිමිවීමෙන් පසු බාල සහෝදර සහෝදරියන් රැක බලා ගැනීම සඳහා කොළඹට පැමිණෙන්නේ චීන ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක සේවය කිරීමේ අරමණෙනි. අමිලගේ සහෝදරිය වන ඉනෝකා(මනිෂා නෙහාරා) නගරයේ ප්‍රධාන රෝහලක් වෙත හදිසියේ ඇතුළත් කරනු ලබන්නේ ඇයට ඇතිවු දරුණු හෘද රෝගයක් නිසාවෙනි ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දියාවට යවා හදිසි ශල්‍ය කර්මයක් කළ යුතු බව‌ වෛද්‍ය උපදෙස් ලැබෙයි. එයට අවශ්‍ය විශාල මුදල සොයා ගැනීම සඳහා අමිලගේ සොයුරු සොයුරියන් වන සුසන්ත(නවීන් සෞම්‍යා) සහා නිෂා (දිනුජි දිනන්‍යා සෙමින්දි) හොර රහසේ පාරේ රඟපාද්දි අමිල කොල්ලකෑමෙන් මුදල් සොයා ගැනීමට වෙහෙසෙයි. දිනක් අපිමට පනස්පස් හැවිරිදි මාලනි (සබීතා පෙරේරා)මුණ ගැහෙන අතර ඇයගේ ළමා ජාවාරමේ නිරතවන ලෙස ඔහුට පවසයි ඒ් වෙනුවෙන් ඉහළ මුදලක් ගෙවන බව ඇය පවසයි. ඒ් අනුව අලුත උපන් දරුවන් බටහිර ජෝඩුවලට දරුකමට හදා ගැනීම සඳහා විකුණන නීති විරෝධි ළඳරු ගොවිබළකට ගැබිණි කාන්තාවන් සෙයා සැපයීමයි මෙහි අවසානය කෙබඳුවේද යනු විහඟ ප්‍රේමය සිනමා පටයන නැරඹීමෙන් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට දැක ගත හැක.

ඉතාලියේ ෆිල්ග්‍රීම්ස් නිෂ්පාදන (Pilgrims Film) සමාගම මෙය නිෂ්පාදනය කර ඇත. 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළලේදී (Tokyo International Film Festival)විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානය දිනාගැනීමට මෙම සිනමා නිර්මාණය ‘විහඟ ප්‍රේමය’ සමත්වී තිබේ. ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ඒ් ශ්‍රේණීයේ (A Grade) සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරි අංශයෙන් (Main Competition) සම්මානයට පාත්‍රවු අතලොස්සක්වන චිත්‍රපට කිහිපය අතරට එක්ව තිබෙන ‘විහඟ ප්‍රේමය’ පසුගිය දශක එකහාමාරකට අදික කාලයක් තුලදී ඒ් ශ්‍රේණියේ ( A Grade) සිනමා උළෙලකප්‍රධාන තරඟකාරි අංශයෙන් සම්මාන ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටයයි. විහඟ ප්‍රේමය චිත්‍රපටයේ තිර රචනය වැනිස් සිනමා උළෙලේ බියනාලේ කොලේස් සිනමා අංශය (Biennale College Cinema of Venice Film Festival)යටතේ පවතින තිර රචනා සංවර්ධන වැඩසටහන සඳහාද තෝරා ගනු ලැබුවකී.

විහඟ ප්‍රේමය සිනමාපට අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉගිලෙන මාළුවෝ සිනමාපටයෙන් ජාත්‍යාන්තර සම්මාන රැසක් දිනාගත් මහාචාර්ය සංජීව පුෂ්පකුමාරගෙනි.

මෙහි රංඟන දායකත්වය කාලයකින් පසු සිනමාවට කලක් රිදිතිරය ආක්‍රමණය කර සිටි සබිතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා,ළහිරු ප්‍රසාද්, අමිත්ත වීරසිංහ, මනීෂා නෙහාරා,නවින් සෞම්‍යා, දිනුජී දිනන්යා සෙමින්දි,ඩිෂ්නි රාජපක්ෂ,යසෝදා රසඳුනි, සංගීතා නිල්නදී, ඛනුජ මන්දිවි ප්‍රනාන්දුගෙනි.

නිෂ්පාදන සංජිව පුෂ්පකුමාර සහා කියරා බාඩෝ සම නිෂ්පාදනය සුරංග හඳපාන්ගොඩ යුගන්ති යසෝදරා, සංගීතා නිල්නදී ගොඩගම. කැමරාය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය අජිත් රාමනායක, වර්ණ සංකලනය සහ ඩි.සි.ජි. සැකසුම ක්ලෝඩියෝ සෙසෙනන්, අංඟ රචනය විදුර අබේදීර,කලා අධ්‍යක්ෂණය මංජුල අයගම,ඇඳුම් නිර්මාණය අජන්ත අලහකොන්, සංගීතය ක්‍රිස්ටියන් කාරාරා, සහයෝගිත නිෂ්පාදනය ඩොමිනික් විලෙන්කි, සහය අධ්‍යක්ෂණය නිරෝෂ් එදිරිමාන්න, නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාරත්න,නිශ්චල ඡායා ගයාන් රුක්ෂාන් පෙරේරා, ශබ්ද සංකලනය ඔරික් නර්දින්, ශබ්ද සංස්කරණය සහ සැලසුම ලාල්දිසානායක,නන්ද නන්දි ජයකොඩි,විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ඩිලාන් පානදුර. හින්දොල් හුමායන් විජේරත්න.

අනුර ප්‍රේමලාල්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments