වරාය නගරය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බවත් ඒවා නිසි අධ්‍යනයකින් යුතුව ජනතාව සත්‍ය දැනගත යුතු බවත් ප්‍රජාතන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක හා ජලසම්පාදන ඇමැති වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ සිය අමාත්‍යාංශයේ ඉකුත් (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……….
වරාය නගරය කියන එක අපේ භූමියට අලුතින් එකතු වෙච්ච ප්‍රදේශයක් ඒ ප්‍රදේශය එකතු කරගන්නේ විශේෂ උවමනාවක් උඩ, ඒ තමයි එක්තරා විදිහක නිදහස් ප්‍රදේශයක් ඇති කරන්න ආයෝජනයන්ට හා මිනිස්සුන්ගෙ විවිධ ව්‍යවසායන්ට විදේශ මුදල් යොදවමින්. ඒ අතර අපි එක පාලනය කරන්නේ කොමිසමක් මගින් ඒ කොමිසමේ බහුතරය ජනාධිපතිතුමා පත් කරන්නේ ලංකාවේ අය. සුළුතරයක් අපි ජාත්‍යන්තර නියෝජිතයොත් පත් කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙ ආකර්ෂණීය භාවය ලබාගන්න ලෝකයෙන්. ස්වෛරිභාවය රැඳී තිබෙන්නේ ජනාධිපතිතුමා තුළ. ජනාධිපතිතුමා ලංකාවේ ජනතාවගේ ස්වාධීන ඡන්දයෙන් පත්කරගත්තු ස්වෛරි බලය තියෙන කෙනෙක් එතුමා තමයි පත්කරන්නේ කොමිසම. එතකොට ඒ කොමිසම යටතේ තමයි මේක පාලනය වෙන්නේ. එතකොට ඒ කොමිසම තමයි මේකේ ඇතුලේ කටයුතු සියල්ල ගැන නීති රීති හදන්නේ එතකොට ලංකාවේ ස්වෛරීභාවය එක්තරා වක්‍රාකාරයකින් මේ භූමිය තුළත් පවතිනවා. අනෙක් අතට එක්තරා ස්වාධීනත්වයකුත් මේ භූමිය තුළ පවතිනවා.
මේක හදන වෙලාවේ ආරම්භක වශයෙන් අපේ ආණ්ඩුවක් යටතේනෙ මේක පටන් ගත්තේ ඒ හදන සමාගමට 33% යි. ඊළඟට පොදු සාමාන්‍ය මහජනයාගේ අවකාශය 33% යි. විවිධාකාර මහජන අවකාශයන්. අපේ රජයට 33% යි. එහෙමයි තිබුණේ. නමුත් යහපාලන ආණ්ඩුව ආපු හැටිය මේ වරාය නගරයේ කටයුතු නැවැත්තුවානේ නැවැත්තුවට පස්සේ අවුරුද්දක් ගියා. ඊට පස්සේ ඒ ඉදිකිරීම් අංශය භාර ගෙන තිබුණු ඒ චීන සමාගම නඩු දැම්මා. නඩු දාලා ඉවර වෙලා බරපතළ වන්දියක් ඉල්ලුවා. ඒ ගොල්ලන් මේ ගිවිසුමට ඇවිල්ලා කරපු වියදම් වලින් ඒගොල්ලන්ට වෙච්ච අලාභය ඒ පාර යහපාලන ආණ්ඩුව කළේ මොකද එහෙමනං නඩු යන්න ඕනෙ නෑ අපි ඕගොල්ලන්ට තව 10% ක් දෙන්නම් කියලා ඒගොල්ලන්ට තිබුණු 33% චීන සමාගමට 43% කලා. ඒක අඩු වුණේ අපෙන්. අර පොදු පහසුකම් සඳහා තිබෙන 33% ප්‍රදේශයේ එහෙම්මම තියෙනවා. එහෙම තමයි අපට තිබුණ 33% තවත් 10% කින් අඩු වුණේ. ඒ අඩුවෙච්ච 10% අය කරගන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවෙන්. එහෙම ක්‍රමයක් අපේ රටේ නීතියේ නෑ. ඒකයි අඩුපාඩුව කවුරුහරි ආණ්ඩු පාලනයක් ගෙන යන කාලයේ යම් ආණ්ඩු තීරණයක් අරගත්තොත් ඒ තීරණය පසුකාලීනව රටට හානියක් හා අලාභයක් වුනොත් ඒක ඒ පුද්ගලයන්ගෙන් අය කර ගැනීමෙ ක්‍රමයක් තියෙන්නට ඕනේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට තමන්ගේ ආයතන එහි පිහිටුවා ගන්න පුළුවන් ඒ සේවාවන් ඉටු කරන්න. air conditioner maintenance , ඒවගේම refrigerator maintenance, ඒ වගේම ඔය plumbing maintenance. මේවා ඔක්කොම පුහුණු මානව සම්පතක් අපේ විශාල දැනටත් තියෙනවා. ඒ අය වෙනදා පිටරටවලට ගියේ ඒ මානව සම්පත සම්පූර්ණයෙන්ම මේ වරාය නගරයේ සේවා සැපයුම් අවස්ථාව සඳහා යොදවා ගන්න පුළුවන්. ඒ මදි, මෙතන සේවයට යොදවා ගන්න විශාල ජන සංඛ්‍යාව අනුව අපි තවත් අපේ අලුත් පරපුර පුහුණු කරන්න ඕන ඒ විවිධ එතෙන්ට උවමනා කරන පුහුණු හැකියාවන්ගෙන්.
දැනට සේවකයින්ගේ අයිතිවාසිකම් ඔක්කොම තීන්දු වෙන්නේ ඒ සේවකයින් තමන්ගේ සේව්‍යයන් සමග සමඟ ඇතිකරගන්නා ගිවිසුම් අනුව ඒ ගිවිසුම් වල තියෙනවා හැම දෙයක්ම. ඒ ගිවිසුම යටතේ අපේ සේවකයෝ ඒ සේවාවන්ට ඇතුළත් උනාට පස්සේ ආණ්ඩුව වශයෙන් බැලිය යුතු දේවල් තමයි පොදු ප්‍රමිතීන් තියෙනවද සේවා ආරක්ෂාව තියෙනවද වැඩ කරන ස්ථානය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන යම් අහිතකර තත්වයන් තියෙනවද ඒ සේවාවන් හි යෙදෙන වයස් සීමාවන් නිසියාකාර වයස් සීමාවන් තුළ වෙනවද. ඒවට කියන්නෙ අපි ප්‍රමිතින් පිළිගත්තු අපේ රටේ ඒවා තියෙනවද කියලා බැලීමේ අයිතියක් අපි ඉතුරු කරගන්නවා. සේවයක් නතර කළොත් කාගේ හරි හෝ ඒ ගිවිසුම උල්ලංඝණය කළොත් එහෙ තියෙනවා උසාවියක් ඒ උසාවියට කියන්නේ arbitration බේරුම් කරුවා ඒ බේරුම් කරුවො පත්කරන්නේ කොමිසමෙන් ඒ කොමිසමෙන් පත්කරන බේරුම්කරුවෝ ඉදිරියට මේගොල්ලන්ට පුළුවන් නඩු අරගෙන එන්න
අපේ විගණකාධිපතිතුමා තමයි වරාය නගරයේ විගණනය සදහා විඝණක සමාගම් හෝ විඝනක පුද්ගලයන් තෝරා ගන්නේ ඊළඟට ඔවුන් වගකියන්නේ අපේ විඝණකාධිපතිතුමාට. පාර්ලිමේන්තුවේ අපේ cope සභාව, කෝපා සභාව කෝපා සභාව ඒවා තමයි බලන්නේ මේ මුදල් වැය කිරීම් වල හොද නරක ගැන. දැන් ඒ කමිටු දෙකටම මේ වරාය නගරයේ සිදුවීම් විමර්ශනයට ලක් කරන්න අයිතියක් නිර්දේෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලයක් තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවට මේ කොමිසම ගෙන හැම රීතියක්ම, නීතියක්ම මේ වරාය නගරයේ බලපවත්වනවා ඒක පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්න ඕනේ.
මගේ අදහස මේ රටේ ජනතාවට ලොකු ඉඩක් විවර වෙනවා තමන්ගේ ආදායම් වැඩි කරගන්න මේ රටේ අද ආදායම් විරහිතව නැත්තං ඌන ආදායම් තත්ත්වයන්හි ඉන්න විශාල පිරිස් මේ වරාය නගරය නිසා හොඳ ආදායම් උපයන පිරිස් බවට පත්වෙනවා. එතකොට ඒ ගොල්ලන්ගේ වියදම් වලින් අපේ රටේ දේශීය ආර්ථිකය. ලොකු ගැම්මක් අල්ලනවා එතකොට වෙළඳපොලක් මතු වෙනවා දැනට වඩා බලවත් වෙළඳපොළක්. ඉල්ලුමක්, ඒ ඉල්ලුම් අනුව මේ රට තුළ පලතුරු වල ඉඳලා මල් දක්වා දේ නිපදවීමට වඩාත් ඉඩකඩක් ඇති වෙනවා.