26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රෝහල්ගත ආසාදිතයින්ගේ ප්‍රමාණය දසදහස ඉක්මවයි.

රෝහල්ගත ආසාදිතයින්ගේ ප්‍රමාණය දසදහස ඉක්මවයි.

කොවිඩ් ආසාදිතයින් 10,000ක් රෝහල්වල

කොවිඩ් ආසාදිතයින් 10,000ක් රෝහල්වල

April 30, 2021   12:40 pm

මෙරට තුළ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා  ගොස් තිබේ.

ආසාදිතයින් 10,372 දෙනෙකු දිවයිනේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අතර වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව රෝහල් ගත ආසාදිතයින් සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙයි.

මේ වන විට නැගෙනහිර කොළඹ මුලික රෝහලේ  සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

“මේ රෝහලේ රෝගීන් 120කට වගේ ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් මේ වන විට 116ක් රෝගීන් ප්‍රතිකාර ලබනවා. ඒ අනුව පැහැදිලියි උපරිම සීමාව දක්වා අපි ඇවිල්ලා කියලා. ඒ වගේම දැඩි සත්කාර ඒකක හා අධි සත්කාරක ඒකකවල රෝගීන් ඇඳන් 8 ම මේ අවස්ථාව වන විට ප්‍රතිකාර ලබනවා.“ 

මේ අතර, වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් රැසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම ප්‍රමාදවීම හේතුවෙන් නිවෙස්වල රැඳීසිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments