22.2 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ඉන්දියාවේ කොවිඩ් මියගිය පුද්ගලයින්ගේ සිරුරූ ගංගා සහ යමුනා නදියේ පාවෙයි (VIDEO)

ඉන්දියාවේ කොවිඩ් මියගිය පුද්ගලයින්ගේ සිරුරූ ගංගා සහ යමුනා නදියේ පාවෙයි (VIDEO)

ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද දිනයේ උදෑසන වන විට යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් මළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක් පාවෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා.

බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ පසුගිය සතිය තුළදී ඉන්දියාව තුල දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා යාමත් සමග මළ සිරුරූ ආදාහනය කිරිමට ඇති අපහසුතාවයන් හේතුවෙන් මෙලෙස ගංඟා වලට බැහැර කරන්නට ඇති බවයි.

ජනතාව පවසන්නේ සෑම පැයකට වරක් ගංඟාවල මළ සිරුරූ 2-3 ත් අතර ප්‍රමාණයක් පාවෙමින් යන අයුරු නිරීක්ෂණය කළ බවයි.

මේ අතර ගංඟා ඉවුරු ආශ්‍රිතව රැඳී තිබෙන සහ පාවෙමින් ඇති මළ සිරුරක් ඉවත් කරන අයෙකුට එක් මළ සිරුරක් සඳහා ඉන්දියානු රුපියල් 500 බැගින් ගෙවීමට බිහාර් ප්‍රාන්ත බලධාරීන් අද තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ශුද්ධ වූ ගංඟාවන් ලෙස ගංඟා සහ යමුනා නදියන් සැලකෙන බවයි හින්දු ජනප්‍රවාද වල දැක්වෙන්නේ.

YouTube player
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments