28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කාබනික පොහොර භාවිතයේ වැදගත්කම ජනපති කියයි.

කාබනික පොහොර භාවිතයේ වැදගත්කම ජනපති කියයි.

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේකෙදි විවිධ දේවල් කියනවා අස්වැන්න අඩුවෙයි. විශාල පාඩුවක් වෙයි, ගොවියගේ ආදායම අඩුවෙයි. හුඟක් ඇයගේ මතය එහෙම වෙන්නේ නෑ මේක අපිට කරන්න පුළුවන් කියලා. කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා පුරන් වෙලා. අපි පුළුවන් ඒ කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුළ ඇති වෙන්න පුළුවන් අඩුව පිරිමහ ගන්න. ගිය කන්නයේ ඊට කලින් ගොවීන් ලබාගත්ත ආදායම අපි දන්නවා.  යම් අයුරකින් ඒ අයගේ ආදායමෙන් වෙනසක් වුණොත් අපි ඒ අය නිෂ්පාදනය කරපු වී වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ගිය වර ආදායම ම ලැබෙන විදියට. අපි සහතික මිලක් දීලා තියෙනවා රු 50 කියලා. අපිට ඒක රු 60ට ගන්න පුළුවන්. ඒ රු 10 අපි දරාගන්නවා. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒ ගැන. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන. කාබනික පොහොර නිෂ්පාදනය කරන. පුළුවන් නම් මේ පොහොර නිෂ්පාදනය වැඩි කරන්න අපි ආධාර දෙන්න පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට වුණත් පුළුවන් අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට කර්මාන්ත ආරම්භ කරන්න. ඉතාම වැදගත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් එය රට වෙනුවෙනුත් අනාගත පරපුර වෙනුවෙනුත්
කරන්න ඕනේ.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments