22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්බොරැල්ලේ වෙළදසැල් කිහිපයක් තාවකාලිකව වැසේ

බොරැල්ලේ වෙළදසැල් කිහිපයක් තාවකාලිකව වැසේ

කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල ප‍්‍රදේශයේ පිහිටි වෙළදසැල් 06 ක් තාවකාලිකව වසාදමා තිබෙනවා.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එම වෙළදසැල් වසා දැමීමට පියවර ගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ අතර මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් තිදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එම ආසාදිතයින් තිදෙනා කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

මන්නාරම රදගුරු මැදුරේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරු වුණා.

අනතුරුව මන්නාරම රදගුරු නිවසේ සේවය කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු ඡුක්‍ඍ පරීක්‍ෂණ සදහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments