21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්මතුගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පහරදීමෙන් පුද්ගලයකු රෝහල් ගත කරයි

මතුගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පහරදීමෙන් පුද්ගලයකු රෝහල් ගත කරයි

මතුගම ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු පහරදීමෙන් පුද්ගලයකු රෝහල් ගත කර තිබේ.

මෙලෙස රෝහල් ගත ඇත්තේ සම්පත් නුවන් ජයසිංහ නැමති පුද්ලයකි. පසුගිය 11 වන දා සවස මතුගම ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා මහ ඔහුගේ සොහොයුරෙකු නවුත්තුඩුව හංදියේදී මෙම පුද්ගලයාට පහර දුන් බවට මතුගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. එම පුද්ගලයින් අතින් පයින් සහ හෙල්මට් එකකින් මෙම පුද්ගලයාට පහරදුන් බවට පැමිණිල්ලේ සදහන් වෙයි.

පහර කෑමෙන් අනතුරුව තුවාල=කරු මතුගම කටුගහහේන ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී ඔහුගේ ඇසට ඉහලින් මැහුම් 6 දමා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබදව වැඩිදුර විමර්ශණ මතුගම පොලිසිය මගින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments