28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත්  කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පනත්  කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රැස්වූ වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ  එකඟතාවය ද පළ විය.

මෙම ( සංශෝධන ) පනත්  කෙටුම්පතට අදාල අති විශේෂ ගැසට් නිවේදනය  2021 අගෝස්තු 19 දින නිකුත් කොට තිබුණි.

මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත්  කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

මෙම ( සංශෝධන ) පනත් කෙටුම්පත මඟින් යම් යම් භාණ්ඩ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් සඳහන් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එම පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළඳ ව්‍යාපාරිකයින් වෙනුවෙන් පනවා තිබූ දඩ මුදල් වැඩි කිරීමට නියමිතය.

මේ අනුව තනි ව්‍යාපාර සහ ආයතන හෝ සමාගම් ලෙස ලියාපදිංචි කළ සියලු ව්‍යාපාර සම්බන්ධයෙන් මෙතෙක් නියම කොට තිබූ දඩ මුදල් සංශෝධනය වීමට නියමිතය. එසේම මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වැරදිකරුවන් වන පුද්ගලයින් මෙම දඩ මුදලට යටත්කිරීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඩුවම් දෙකටම යටත් කිරීම සිදුකළ හැකිය.

ඊයේ පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මෑතකාලීනව අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් සඳහන් කරමින් ගැසට් නිවේදන නිකුත් කළ ද වෙළඳපොලේ එම පාලන මිලට භාණ්ඩ අළෙවි කිරීම් සිදුනොවන බවයි. මේ නිසා මෙම දඩ මුදල් සංශෝධනය  කිරීමට තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, බුද්ධික පතිරණ, අනූප පැස්කුවෙල්, රෝහණ දිසානායක, මර්ජාන් ෆලීල්, නිරෝෂන් පෙරේරා, නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද එම කාරක සභාව සඳහා සහභාගී වූහ.

එසේම වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන්, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සම්බන්ධ විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments