22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සහරාන්ගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සැලසුම් කරලා

සහරාන්ගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සැලසුම් කරලා

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණය විය.

එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට ද අත්අඩංගුවටගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව ද මෙහිදි අනාවරණය වී ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ලබාදුන් සාක්ෂිවල දී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ඊයේ (16) සාක්ෂි ලබාදුන්නේය.

2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බව අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments