29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරෝනා ආසාදිතයෙක් නිසා හෝමාගම මාලු වෙළද සැල වසා දමයි

කොරෝනා ආසාදිතයෙක් නිසා හෝමාගම මාලු වෙළද සැල වසා දමයි

හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග වෙළෙඳසැළ වසා දැමීමට කටයුතු කර ඇත.

එමෙන්ම එම හිමිකරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒ අදාළ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කරලා තියෙනවා. ඒ වෙළෙඳසැළේ සේවකයින් 17ක් පමණ සේවය කරනවා. ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා මේ වන විට නිරෝධායනය කරමින් ඉන්නවා. ඊට අමතරව මේ පොදු වෙළෙඳපොළේ තව මස් කඩ, එළවළු කඩ, පොල්තෙල් කඩ හා බිත්තර වැනි කඩ කිහිපයක් තියෙනවා. ඒ කඩහිමියන් හා මෙම ආසාදිත පුද්ගලයා අතර නිතර ගනුදෙනු සිදුව තිබෙන නිසා, අපි තාවකාලිකව ප්‍රාදේශීය සභාව සමග එකතු වෙලා පොදු වෙළෙඳසැළේ ඉතිරි කඩ මේ වන විට වසා දමා තිබෙනවා. ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළත් සමග සම්බන්ධකම් තියෙන මාළු ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. අපි ඔවුන්වත් පීසීආර් පරීක්ෂණ කරන තෙක් ඔවුන්ගේ පවුල්වල අය සමග නිරෝධායනය කරලා තියෙනවා. ඊට අමතරව ශාඛා තැපැල් කාර්යාලයක් මේ ස්ථානයේ පිහිටා තිබෙනවා මේ වෙළෙඳපොළේ එම තැපැල් කාර්යාලයත් තාවකාලිකව වසා දැමුණා.“ 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments