22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මෙරටදී හමු වූ ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

මෙරටදී හමු වූ ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙක් හඳුනාගත් බව මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක් එසේ හඳුනාගෙන තිබේ.

අද සවස් වරුවේ ද කොරෝනා ආසාදිතයින් 609 දෙනෙක් හඳුනාගත් අතර ඒ අනුව අද දිනය තුළ ආසාදිතයින් 865 දෙනෙක් වාර්තා විය.

ඉන් බහුතරය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා සම්බන්ධය.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 7,153ක් බවය.

ඉන් 3,495 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3,644 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments