27.7 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්අත්‍යාවශ්‍යම ගනුදෙනුවකට හැර බැංකු වෙත පැමිණීමෙන් වළකින්න

අත්‍යාවශ්‍යම ගනුදෙනුවකට හැර බැංකු වෙත පැමිණීමෙන් වළකින්න

ඉතාම අත්‍යාවශ්‍යම ගනුදෙනුවකට මිස බැංකු ශාඛා වෙත පැමිණීමෙන් වැළකි සිටින ලෙස ලංකා බැංකු සේවක සංගමය සියලුම ගනුදෙනුකරුවන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව ලංකා බැංකු සේවක සංගමය ඉල්ලා සිටියි. 

මෙහිදි කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ ප්‍රධාන ලේකම්  රන්ජන් සේනානායක මහතා මෙසේද කියා සිටියේය........ බැංකුවක වටිනාම සම්පත ගනුදෙනු කරුවන්ය. එවිට ඔවුන් සිය සේවාවන් ඉටුකර ගන්න බැංකුවට පැමිණිය යුතුයි. නමුත් ඔබ මේ මොහොතේ බැංකුවට පැමිණිය යුත්තේ අත්‍යාවශ්‍ය ගනුදෙනු කරගැනීමට පමණයි. අත්‍යාවශ්‍ය නොවන ගනුදෙනු කල්තබා ගැනීම ඔබේම ආරක්ෂාවට ගන්නා පියවරකී. ඔබට බැංකුවකට එන්නේ නැතිව කරගත හැකි කරුණු රාශියක් තියෙනවා. අන්තර්ජාලය , මොබයිල් ඇප් මගින් සී ආර්එම්, සිබිඑම්, ඒටිඑම් යන්ත්‍ර හරහා ඔබේ ගනුදෙනු කරගත හැකියි. අත්‍යාවශ්‍යම ගනුදෙනවකට පමණයි ඔබ බැංකුවකට පැමිණිය යුත්තේ. එහිදි ඔබ බැංකුව ලබාදී තිබෙන ආරක්ෂණ උපදෙස් හා පුරවැසියෙකු ලෙස රජයේ සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස්ද  අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි. මුඛආවරණ පැළඳීම, සමාජ පරතරය තබා ගැනීම, අත සේදීම, පෘෂ්ඨයන් අතපත ගෑමෙන් වැළකීම හා පෑන් වැනි දේවල් තමා පෞද්ගලිකවම පරිහරණයට තබා ගැනීම අනුගමනය කිරීම මෙහිදි අත්‍යාවශ්‍ය කරුණූ අතර වේ. 
මේ උපදෙස් ආදරණීය ගනුදෙනු කරුවන්වන ඔබ වෙත අපි ලබාදෙන්නේ ඔබයි ඔබේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ  ආරක්ෂාවටයි. 

බැංකු ශාඛා කියන්නේ පොදු ජනයා ඒකරාශිවන ස්ථානයක් ඒ ස්ථානයට විවිධ අය පැමිණෙන්න පුළුවන්. මෙහිදි ඔබේ ආරක්ෂාවට බැංකුව කළ යුතු උපරිම දේ බැංකුව කරනවා ඔබේ පැත්තෙන් කළ යුතු දේ උපරිම දේ ඔබ කළ යුතුයි. 

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල තිබෙන බැංකු ශාඛාවලට පැමිණිමේදි ඉතාම ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න අවශ්‍ය බව ගනුදෙනු කරුවන්ට සිහිපත් කරනවා. අපිට පෙනි ගොස් තියෙනවා භෞතික මුදල් භාවිතය මුදල් හුවමාරුව ඉතාම ඉතාම අවධානම් තත්ත්වය ඇති කරන සාධකයක් මේ රෝගය ව්‍යාපත්වීමට බලපාන ප්‍රබල හේතුවක්. පළමුවෙන් අපි උපරිම අයුරින් ප්‍රවේශම් විය යුතුයි. දෙවනුව  සිබිඑම්, ඒටිඑම් යන්ත්‍ර මේ අවධානම ඇති කරන තවත් ස්ථානවේ.එහිදි ආරක්ෂාව සඳහා ලබාදීම තිබෙන උපදෙස් අනුව ක්‍රියාකොට ඉන් ඉවත්වෙන්න ඕනේ. 

ඒ නිසා මේ වසංගතයේ දෙවන රැල්ල ක්‍රමානුකූලව අඩුවෙලා පාලනය කොට යම් තත්ත්වයකට පැමිණෙනතුරු  ඔබේ බැංකු ගනු දෙනු ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව සීමාකාරිවෙලා ක්‍රියා කරන ලෙස ගනුදෙනු කරුවන්ට සිහිපත් කරන්න අවශ්‍යයි. 

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා...... අපි හැමෝම දන්නවා මේවනවිට කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය හරහා අවධානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. බැංකු කියන්නේ ආර්ථික මරමස්ථානයි.  ඒ නිසා  අපිට බැංකු ශාඛා වසාදමා තබන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අත්‍යාවශ්‍යම ගනුදෙනුවකට ඇරෙන්න බැංකු ශාඛා වෙත පැමිණීමෙන් වළකින ලෙස සියලු ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවා ඉටුකිරීමට ක්‍රියා කරන ලෙස බැංකු ශාඛාවල සේවය කරන තම සාමාජික සාමාජිකාවන්ගෙන් ඉතා සහෝදරාත්මක ඉල්ලා සිටිනවා.
YouTube player
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments