25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය,කැලැ හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය,කැලැ හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 06 ක කේරල ගංජා සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට‍ ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍ර‍ධාන කදවුර භාර නිල ධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්‍ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) රාගම පොලිස් වසමේ වල්පොල හංදිය අසල ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 549 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු රාගම, වල්පොල, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු වේ. අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල දළ වටිනාකම රුපියල් ලක්ෂ 06 ක් පමණ වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය තවත් වැටලීම් සිදුකරමින් ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් රාගම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගැනීම. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් කොස්ගමපොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් මුල්ලියාවේලි පොලිස් වසමේ බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ට්‍රැක්ටර් රථයක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව කඳවුරේ නිලධාරි පිරිසක් කහටගස්දිගිලිය පොලිස් වසමේ බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙස කැබ් රථයකින් එළගවයින් දසදෙනකු ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. හපුතලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බණ්ඩාරවෙල පොලිස් වසමේ බලපත්‍ර නැතිව ගාන්ඩිස් වර්ගයේ දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව අක්කර තුනක පමණ ප්‍රදේශයක් ලෝඩර් රථයක් යොදා ගනිමින් කැලය එලිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර ඇති අතර හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments