29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedSLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්.

SLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සමග තවත් සේවාවන් එකතුවක් පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් කෑරගල රණවිරු ගම්මානයේ වෙසෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, එම ගම්මානය අවට වෙසෙන ජනතාවටත් විශිෂ්ට මට්ටමේ 4G LTE සම්බන්ධතා පහසුකම් හිමිවනු ඇත.

රණවිරු ගම්මාන යනු ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහත් වූ කැපකිරීම් සිදුකළ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රට පුරා ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති එකතුවකි. මෙම අවස්ථාවට SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෝ පිරිසක් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments