22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ප්‍රදේශ රැසකින් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ප්‍රදේශ රැසකින් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (16) මට්ටක්කුලිය පොලිස් වසමේ වැටලීම් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනහයි මිලිග්‍රෑම් හාරසිය පනහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන එම පොලස් ස්ථානය වෙත භාරදි තිබේ.

මෙහෙයුම් 11 හි නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් වැල්ලම් පිටිය පොලිස් වසමේ කිත්තන්පහුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව පො.ප. එ.ආර්.ජි.එච්.යු. බණ්ඩාර ඇතුළු නිලධාරින් පිරිසක් මිරිහාන පොලිස් වසමේ ධර්මපාල මාවත, මාදිවෙල වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 150ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. මහනුවර කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් තෙල්දෙණිය පොලිස් වසමේ මඩවල පාර,ළිංතුන හංදිය අසල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් මිලි ග්‍රෑම් 246ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මහනුවර කඳවුරේම නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව ළිංතුන හංදියේම වැටලිමක් සිදුකර හෙරොයින් මිලි ග්‍රෑම් 160ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. එම කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ දිගන කොමාර්ෂල් බැංකුව අසල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් මිලිග්‍රෑම් 218ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තෙල්දෙණීය පොලිස් වසම වෙත භාරදි ඇත. දඹූල්ල කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරී පිරිසක් කුරුණෑගල පොලිස් වසමේ යන්තම්පලාව හංදිය ප්‍රදේශයේදි වැටලිමක් සිදුකර හෙරොයින් මිලිග්‍රෑම් 70ක් ළඟ තබාගෙන සීටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරින් ලැබුණු තොරතුරක් මත නිලධාරින් පිරිසක් මාන්කූලම් පොලිස් වසමේ අම්බගාමම් ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයෙක් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මාන්කූලම් පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් පුස්සැල්ලාව පොලිස් වසමේ කළුගලවත්ත ප්‍රදේශයේ දි වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 41.5යි, ප්ලාස්ටික් කෑන් 02ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන පුස්සැල්ලාව පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. හම්බන්තොට කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම පොලිස් වසමේ බඳගිරිය රතුකුරුස වැව ඉස්මත්ත ප්‍රදේශයේදි වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් 33.75ක්,දැවිගෝඩා ලීටර් 12ක්, තතඹ දඟරයක්, යකඩ බැරල් එකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments