21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට...

නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශයන්හී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද උදෑසන (2022 ජුනි 01) වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොමු කළ අතර,  එම සහන කණ්ඩායම් තවදුරටත් සහන සැලසීමේ කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පරගොඩ ප්‍රදේශයේද, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයේ පාසැල් ළමුන් ඇතුළු ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අද දිනය පුරා සිදු කෙරුණු අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ගමනාගමනයට අවහිර වන ලෙස මාර්ගය හරහා ඇද වැටුනු ගසක් ඉවත් කිරීමට ද නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා  බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 23ක් ද, දකුණු නාවික විධානයේ  සහන කණ්ඩායම් 05ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 10ක් ද සූදානමින් තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments