22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර සිසුන්ට මගහැරෙන සියු කාලච්ඡ්ද ආවරණයට...

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර සිසුන්ට මගහැරෙන සියු කාලච්ඡ්ද ආවරණයට විශේෂ වැඩසටහනක්-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත

එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මෙම කාලය තුළ දරුවන්ට මඟ හැරෙන සියලූ ම කාලච්චේචේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළේ, (21) යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ දී පැවති රැස්වීමෙන් අනතුරුව ය.

     ප‍්‍රාථමික ගුරුවරුන්ට ජූලි මස සිට අඛණ්ඩ පුහුණු සැසි පැවැත්වෙන අතර උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්සේ පුහුණු සැසි ලබාදීම මගින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පුනරීක්ෂණ, ප‍්‍රශ්නෝත්තර හා අතිරේක           වැඩසටහන්  පැවැත්වීමට නියමිත ය.

    මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල ක‍්‍රියාවට නැංවෙන අතර සියලූ පුහුණු සැසි ජූලි මාසයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු, පළාත් නවයේ ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගෙන දෛනික ව ලබාගන්නා දත්ත හා තොරතුරු ඇසුරින් මේ වනවිටත් සම්පාදනය කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     එසේ ම දිවයිනේ ප‍්‍රධාන නගරවල හැර සෙසු ග‍්‍රාමීය ප‍්‍රදේශවල 70% -80%ක ප‍්‍රතිශතයකින් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම් වාර්තා වන බවත්       අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

 තවදුරටත් අදහස් දක්වමින් විසි එක් වෙනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.එය කෙටුම්පතක් ලෙස නීති කෙටුම්පත්          සම්පාදකගෙන් යළි ඉදිරිපත් වූ පසු කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමෙන් අනතුරු ව  ඕනෑ ම පාර්ශ්වයකට දින 14 ක් තුළ   ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ සඳහා අභියෝග කළ හැකි  බවත් ශේෂ්ඨාධිකරණයෙන් ලැබෙන නියෝග මත  එය පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකි බවත් අමාත්‍යවරයා    පැවසුවේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments