





රෑප මාධ්‍යය වත්මනෙහි තරුණ පරම්පරාව අතර ඉමහත් ආකර්ෂණයක් දිනා ඇති ප්‍රමුඛතම කලාවකි . දිනෙන් දින නවමු මාතෘකාවන් යටතේ තම නිර්මාණයන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් උත්සුක වන්නේ එහෙයිනි. එමග යමින්, යොවුන් නිර්මාණවේදී හර්ෂණ වික්‍රමසිංහ සිය නවතම නිර්මාණකරණය වූ “දෙමං ඇල්ම” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් පසුගියදා ආරම්භ කළේය.වගකීමෙන් හා විස්වාසනීයත්වයෙන් සුරැකිය යුතු පවුල් කුටුම්භයන් මෙන්ම, ව්‍යාපාර ජීවිතයත් , අනවබෝධයත් නිසා විසිරී යන ආදර සබඳතා සහ පවුල් සංස්ථාවන් පිළිබඳව දිගහැරෙන දෙමං ඇල්ම ටෙලි සිත්තම කාලෝචිත සිද්ධි දාමයක් පදනම් කර ගනිමින් නිර්මාණය වූවකි. අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයට අනුව නිමැවෙන දෙමං ඇල්ම රංගනයෙන් හැඩ කරනුයේ චමීර ලියනගේ, චානුක ප්‍රබුද්ධ, ආශ් නුෂේන්( ළමා), මොරින් චාරුණි ,ඩිස්නි රාජපක්ෂ, ධර්මප්‍රිය ඩයස් ,ගයාත්‍රී ඩයස් , ශිරාන් යට්ටෝවිට , හේෂරාවී වරංගනා ,හෂාන් රත්නායක, දුනිෂා හෙට්ටිආරච්චි, රොමෙන් අශ්විද, ඉෂාර වික්‍රමසිංහ, ප්‍රමිලා තෙනුජනා, චානි විමලසූරිය, ඇතුළු පිරිසකි. කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති , සංගීත නිර්මාණයෙන් නවරත්න ගමගේ, සහය අධ්‍යක්ෂණයෙන් අමිල ප්‍රේමරත්න, රේඛීය නිෂ්පාදනයෙන් අරුණ ජයවර්ධන, නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් ගයන්ත පෙරේරා ,අංග රචනයෙන් ප්‍රියංක රත්නායක ,කලා අධ්‍යක්‍ෂණයෙන් දිලීප විජිතශාන්, ඇඳුම්නි,ර්මාණයෙන් රොෂාන් අනිල් පෙරේරා දායක වන “දෙමං ඇල්ම” අමල් ජයශංක සමගින් සංජය ක්‍රිෂාන්ත එක්ව නිෂ්පාදනය කර ඇත.මෙය නුදුරේදීම ප්‍රේක්ෂකයා වෙත සමීප වීමට නියමිතව ඇත.



