




ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් Miwayz ජනගත කෙරේ: වාර්තාගත කාලය තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000ක්
ඩයලොග් ආසියාටා (Dialog Axiata) සහ TVS හවුල්කාරිත්වය සමගින්, උසස් තාක්ෂණය, රියදුරන්ගෙන් කිසිදු කොමිස් මුදලක් අය නොකරන ගාස්තු ආකෘතිය මෙන්ම මගීන් සඳහා අසමසම වට්ටම් රැසක් පිරිනමන “ප්‍රජා-මූලික” ප්‍රති ආයෝජන වැඩසටහනක් ලෙස ජනතාව අතරට.
ශ්‍රී ලංකාවේ නවතම සහ වඩාත් ආකර්ෂණීයම ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන මාධ්‍යය වන Miwayz සේවාව ජූලි මස 12 වනදා ජනගත කෙරිණි. මෙරට කුලී රථ සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනතාව අතට පත්වන මෙම සේවාව, ජනගත කිරීමට පෙර වාර්තාගත කෙටි කාලයක් තුළ මගීන් සහ රියදුරන් 25,000කට අධික පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.
දීර්ඝ කාලයක පටන් ඉහළ විනිවිදභාවයක් සහ ආරක්ෂාවක් අපේක්ෂා කළ මගීන්ට මෙන්ම සාධාරණ ගෙවීම් ක්‍රමයක් අපේක්ෂා කළ රියදුරන්ට ද Miwayz සේවාව, සාම්ප්‍රදායික ජංගම දුරකථන යෙදුම් ඉක්මවා යමින්, නූතන ගමනාගමන අභියෝග රැසකට විසඳුම් ලබා දෙන ප්‍රජාව මුල්කර ගත් විසඳුමකි.
මෙරට නාගරික ගමනාගමන පද්ධතියේ කොඳු නාරටිය බඳු ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් වසර ගණනාවක පටන් කටයුතු කළේ දැඩි මූල්‍ය අභියෝග රැසක් හමුවේය. සාම්ප්‍රදායික කුලී රථ සේවා, සෑම ගමනක් සඳහාම 15% සිට 25% දක්වා ඉතා ඉහළ කොමිස් මුදලක් අය කර ගැනීමට කටයුතු කළ බැවින් රියදුරන්ට සැබෑ ලෙස හිමිවන මුදල සීමිත විය. අනපේක්ෂිත දෛනික ආදායම සහ ඉහළ යන වාහන නඩත්තු සහ ඉන්ධන පිරිවැය හමුවේ රියදුරන්, ඩිජිටල් තිරයක මත දිස්වන ඉලක්කමක් පමණක් බවට පත්ව තිබේ.
මෙම ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා Miwayz යෙදුම, මින් පෙර නොවූ විරූ ආකාරයේ, රියදුරු කේන්ද්‍ර කර ගත් ආර්ථික ආකෘතියක් හඳුන්වා දී ඇත:
කිසිදු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තු අය නොකිරීම: ලියාපදිංචි රියදුරු හවුල්කරුවන්ගෙන් පළමු මාස තුන තුළ කිසිදු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකරන බැවින්, තමන් වෙහෙස මහන්සියෙන් උපයා ගන්නා සම්පූර්ණ මුදලම ඔවුන්ට හිමි වේ.
ක්ෂේත්‍රයේ අඩුම ස්ථාවර ග්‍රාහක ගාස්තුව: ප්‍රවර්ධන කාලයෙන් පසුව Miwayz සේවාව, ක්ෂේත්‍රයේ අඩුම දෛනික/මාසික ග්‍රාහක ගාස්තු ක්‍රමය රියදුරන් හට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව, ප්‍රතිශතාත්මක කොමිස් ක්‍රමය මුළුමනින්ම ඉවත් වන බැවින්, මෙහෙයුම් පිරිවැය පිළිබඳ නිශ්චිත අවබෝධයකින් යුතුව සිය ආදායම්වල ස්ථාවරත්වය උපරිම කර ගැනීමට රියදුරන්ට අවස්ථාව උදා වේ.
දැවැන්ත වෙළඳපොළකට ඇතුළත් වීම
Miwayz, ශ්‍රී ලංකාවේ දැවැන්ත නාගරික ගමනාගමන වෙළඳපොළේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට (RPTA) අනුව, බස්නාහිර පළාත තුළ පමණක් දැනට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව 250,000කට අධික වේ.
තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නවතම රථවාහන දත්තවලට අනුව, ත්‍රිරෝද රථ මිලියන 1.20ක් සහ යතුරුපැදි මිලියන 5.17ක් මෙරට තුළ ලියාපදිංචි වී තිබේ. මෙම දැවැන්ත කුඩා ව්‍යාපාර කාණ්ඩය සඳහා සාධාරණ ආකෘතියක් හඳුන්වා දීම මගින් Miwayz යෙදුම, මුල් අදියරේදී කොළඹ නගරය තුළත්, ක්‍රමිකව බස්නාහිර පළාත තුළත් දෛනික ගමනාගමන වෙළඳපොළේ ප්‍රමුඛතම හිමිකාරිත්වය අත්කර ගැනීමට සූදානමින් සිටී.
අන්‍යෝන්‍ය විශ්වාසය මත ගොඩනැගෙන පදනම
විශ්වාසය මත පදනම් වූ ගමනාගමන ක්ෂේත්‍රය තුළ Miwayz යෙදුමට ඉතා කෙටි කාලයක් තුළ 25,000කට අධික පිරිසක් ලියාපදිංචි වීමෙන්, ඒ සඳහා දේශීය පරිශීලකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වේ.
“අපට අවශ්‍ය වූයේ තවත් ජංගම දුරකථන යෙදුමක් සහ බලාපොරොත්තු ලබා දීමට නොවේ. අපගේ ඉලක්කය වූයේ, පළමු දින සිටම අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රජාව සමග මෙම ගමන ඉදිරියට ගමන් කිරීමටයි. මෙම සේවාව නිල වශයෙන් ජනගත කිරීමටත් පෙර, 25,000කට අධික රියදුරු හවුල්කරුවන් සහ මගීන් පිරිසක් ලියාපදිංචි වීමෙන්, අප කෙරෙහි ඔවුන් තැබූ එම විශ්වාසය පිළිබිඹු වනවා. අන්‍යෝන්‍ය ගරුත්වය, අවංකභාවය සහ සාධාරණ වටිනාකම මත ගොඩනැගුණු සේවාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයින් තුළ ඇති කැමැත්තට එය මනා සාක්ෂි සපයනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාභරන් මහතා සඳහන් කළේය.
සම්ප්‍රදායන් ඔබ්බට: Miwayz ප්‍රතිඥාව
ශ්‍රී ලාංකික මගීන් සහ රියදුරන් එදිනෙදා මුහුණ දෙන අභියෝගවලට ප්‍රධාන අංශ තුනක් යටතේ විසඳුම් ලබා දීම සඳහා Miwayz විශේෂ අවධානය යොමු කරයි:
ගාස්තු සම්බන්ධ පූර්ණ විනිවිදභාවය සහ ඉහළම සාධාරණත්වය: කිසිදු සැඟවුණු ගාස්තුවකින්, අනපේක්ෂිත අමතර ගාස්තුවකින් හෝ අසාධාරණ මිල ඉහළ යෑම්වලින් තොරව මගීන් හට මෙමගින් ඉතා විශ්වාසනීය ලෙස තම ගාස්තුව කලින්ම දැනගත හැකිය. දුර සහ ගාස්තු සම්බන්ධව ඉහළම සහ ස්ථාවර ගාස්තු අනුපාත හරහා මගීන් හට උපරිම මානසික නිදහස අත්විඳිය හැකිය.
උපරිම ආරක්ෂාව: මගීන් සහ රියදුරන් ආරක්ෂා කිරීම සඳහා Miwayz යෙදුම තහවුරු කර ගත් ගිණුම්, ගමන් ගමන සජීවීව අධීක්ෂණය සහ ඕනෑම මොහොතක සහයෝගය ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය ආදී විශේෂතා රැසකින් සමන්විත වේ.
එදිනෙදා පහසුව සහ මගී දීමනා: සියලු ජීවන ශෛලීය අවශ්‍යතා සපුරාලන සහකරුවෙකු ලෙස නිර්මාණය කර ඇති මෙම යෙදුම, පහසු කුලී රථ සේවාවලින් මෙන්ම ආහාර-පාන ඇණවුම් කිරීම සඳහා ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත Miwayz Food ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වනු ඇත. තවද, යෙදුම ජනගත කිරීමට සමගාමීව, පළමු මාස තුනක කාලය තුළ මගීන් සිදුකරන පළමු ගමන් වාර 5 සඳහා 50%ක වට්ටමක් ද පිරිනැමේ.
මගීන්ට මෙන්ම රියදුරන්ට ද සමස්ත ගමනාගමන අත්දැකීම වඩාත් පුළුල් කිරීම සඳහා, Miwayz යෙදුම මෙරට ප්‍රමුඛතම රථවාහන බලඇණි සහ ඉන්ධන කළමනාකරණ පද්ධතිය වන Dialog Touch සමග ක්‍රමෝපායික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මගින්, රියදුරු හවුල්කරුවන් හට සැබෑ අගයක් නිර්මාණය කරන අතරම, ඔවුන් හට වඩාත් ඉහළ පහසුවක් පිරිනමන නවෝත්පාදන ගෙවීම් සහ පාරිභෝගික හිමිකම් ලබා දීමට හැකියාව ලැබේ.
මෙම හවුල්කාරිත්වය හේතුවෙන් Dialog Touch පරිශීලකයින් හට, Miwayz යෙදුමේ ගෙවීම් සඳහා Dialog Touch කාඩ්පත භාවිත කරමින් ක්ෂණිකව සහ මුදල් හුවමාරු කිරීමකින් තොරව, පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය. තවද, Dialog Touch හරහා රියදුරු හවුල්කරුවන් හට ඉන්ධන වවුචර භාවිත කිරීමේ අවස්ථාව ද උදා වේ. එය, රියදුරන් හට අර්ථවත් ලෙස ඉන්ධන වියදම් ඉතිරි කර ගැනීමට සහයෝගය ලබා දීම සඳහා Dialog Touch හඳුන්වා දෙන, එවැනි ආකාරයේ ප්‍රථම පාරිභෝගික වැඩසටහනයි.
ඩිජිටල් ශක්තිය, මහමග තිරසාරත්වය සමග ඒකාබද්ධ කිරීම සඳහා Miwayz යෙදුම, TVS සමාගම සමග සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ තිබේ. දිගුකාලීන මෙහෙයුම් සහයෝගයක් ලබා දීම සඳහා ගොඩනගා ගත් එම සහයෝගීතාව මගින්, රියදුරන් හට කඩිනම් සහ සැබෑ ඉතුරුම් රැසක් පිරිනැමීමට නියමිතය. ඒ අනුව, ලියාපදිංචි Miwayz රියදුරු හවුල්කරුවන් හට පහත ප්‍රතිලාභ හිමි වේ:
අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්: සමස්ත නඩත්තු පිරිවැය අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන කොටස් සඳහා දැවැන්ත මිල අඩු කිරීම්.
විශේෂඥ වාහන සේවා: TVS සේවා මධ්‍යස්ථානවලදී විශේෂිත, ප්‍රමුඛතා නඩත්තු සහ අලුත්වැඩියා සේවා.
අගනා වාහන හුවමාරු දීමනා: රියදුරන් හට පහසුවෙන් සහ තිරසර ලෙස ඉහළ මාදිලියක වාහනයක හිමිකරුවෙකු වීමට ආකර්ෂණීය වාහන හුවමාරු අවස්ථා.
මෙම හවුල්කාරිත්වය නියෝජනය කරමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සිය අදහස් පළ කළේය:
“තිරසර නාගරික සවිබල ගැන්වීමේ ගමනේදී Miwayz සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප බොහෝමයක් ආඩම්බර වනවා. සැබෑ වෙළඳපොළ නවෝත්පාදනය ගොඩනැගීමට නම්, ප්‍රජාවට සැබෑ වටිනාකමක් හිමිකර දිය යුතු බව TVS අපගේ විශ්වාසයයි. අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්, විශේෂඥ සේවා සහ වඩාත් පහසු වාහන හුවමාරු විකල්ප සමගින් අප රියදුරන්ගේ මෙහෙයුම් පිරිවැය කැපී පෙනෙන ලෙස අවම කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනවා. මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සාමූහික ආර්ථික වර්ධනය සහ ආයතනික වගකීම පිළිබඳ දැනුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.”
ප්‍රජාව වෙනුවෙන් ආයෝජනය: සෘජු ප්‍රති ආයෝජන ආකෘතිය
ඉදිරිගාමී පියවරක් ලෙස Miwayz යෙදුම, දිගුකාලීන සෘජු ප්‍රති ආයෝජන ආකෘතිය හරහා සිය පරිශීලකයින් සහ හවුල්කරුවන් වෙනුවෙන් සම්පත් යොමු කිරීමට කටයුතු කරයි. කෙටිකාලීන වෙළඳපොළ හිමිකාරිත්වය වෙනුවට එම යෙදුම තිරසර සහ දිගුකාලීන අමතර අගයක් නිර්මාණය කිරීම සඳහා සිය මෙහෙයුම් රාමුව ආපසු යෙදවීමට සැලසුම් කර තිබේ.
රියදුරු හවුල්කරුවන් හට: TVS මෙහෙයුම් වට්ටම්වලට අමතරව, ඔවුන්ගේ ජීවනෝපාය උසස් කරන පුළුල් සුබසාධන වැඩසටහන්, තිරසර මූල්‍ය පාරිතෝෂික සහ දිගුකාලීන වෘත්තීය සංවර්ධන අවස්ථා.
මගීන් සඳහා: ඔවුන්ගේ එදිනෙදා ගමනාගමන වියදම්වලට සහන ලබා දෙමින්, නොකඩවා පිරිනැමෙන පාරිතෝෂික, ඉහළ තරගකාරිත්වයක් සහිත දෛනික මිලකරණ ව්‍යුහ සහ ප්‍රජාව මුල්කරගත් ප්‍රවර්ධන වැඩසටහන් හරහා සැබෑ ආර්ථික සහන.
“වර්ධනය ළඟා කර ගැනීමට ඇති හොඳම මාර්ගය දැන්වීම්කරණය නොවේ; ජනතාවගේ ජීවිත බලාත්මක කිරීම බව අපගේ විශ්වාසයයි. අපගේ රියදුරන් සහ මගීන් වෙනුවෙන් සෘජුව ආයෝජන සිදු කිරීම මගින් අප දිගුකාලීන ලෙස ශ්‍රී ලාංකිකයින් හට තිරසර සහ නොවනස් ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කරනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේය.
යෙදුම බාගත කර ගැනීම
Miwayz මගී සහ රියදුරු යෙදුම්, iOS App Store සහ Google Play Store මගින් දැනට බාගත කළ හැකිය. තමන් කැමති ආකාරයට ගමනාගමන සහ ජීවන ශෛලීය පහසුව අත්විඳීම සඳහා අදම සිය යෙදුම බාගත කර ගන්නා ලෙස Miwayz සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටී.
Miwayz යනු, ශ්‍රී ලංකාවේ නූතන, ප්‍රජාව මුල්කර ගත් ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන සේවාවකි. නාගරික ගමනාගමන අත්දැකීම ඉහළ නැංවීම සඳහා කැපවී සිටින එම සේවාව, ප්‍රජාව සම්බන්ධ කිරීම, ඉදිරියට ගෙන යාම සහ සවිබල ගැන්වීම සඳහා වඩාත් සාධාරණ, කාර්යක්ෂම හා දියුණු කුලී රථ ඇණවුම් කිරීමේ තාක්ෂණයන්, විනිවිදභාවයෙන් යුතු මිලකරණයන්, ශක්තිමත් ආරක්ෂණ රීතීන්වලින් සහ ඇගයීම් නියෝජිත ජාලයකින් සමන්විත වේ.


අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



