Homeක්‍රීඩා පුවත්සහිරා විද්‍යාලය, Group of Sixties සංවිධානය කරන ප්‍රථම Zahira Invitational 7's Rugby...

සහිරා විද්‍යාලය, Group of Sixties සංවිධානය කරන ප්‍රථම Zahira Invitational 7’s Rugby තරඟාවලිය 19දා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී…

සහිරා විද්‍යාලය, Group of Sixties සංවිධානය කරන ප්‍රථම Zahira Invitational 7’s Rugby තරඟාවලිය ජූලි 19 වැනිදා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් රග්බි කණ්ඩායම් 12ක් එක්දින වේගවත් හා උද්යෝගිමත් තරගාවලියකට එක්වන බව සංවිධායකයෝ නිවේදනය කළහ.

මෙම තරගාවලිය සඳහා සහභාගි වන පාසල් වන්නේ සහිරා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සයන්ස් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, මහානාම විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සුමංගල විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලයයි.

මෙම තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ජූලි 10 වැනි සිකුරාදා සහිරා විද්‍යාලයේ අබ්දුල් ගෆූර් ශාලාවේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සංවිධායකයන් පැවසුවේ, ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ ගෞරවාන්විත සම්ප්‍රදාය සමරමින් රටේ නැගී එන තරුණ රග්බි ක්‍රීඩකයන්ට ඉහළ මට්ටමේ තරගකාරී වේදිකාවක් සපයා දීම මෙම තරගාවලියේ අරමුණ බවයි. තවද, ඉහළ තරගකාරීත්වයකින් යුත් තරග, විශිෂ්ට දක්ෂතා සහ අනාගත රග්බි තරුන්ගේ දක්ෂතා සමීපයෙන් නැරඹීමේ අවස්ථාවක් ප්‍රේක්ෂකයන්ට හිමිවන බවද ඔවුහු සඳහන් කළහ.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Moose Clothing කටයුතු කරන අතර, Diamond Milk සම අනුග්‍රාහකයා ලෙස එක්වී ඇත. නිල හවුල්කරුවන් ලෙස The Papare.com (විකාශන හවුල්කරු), Knockout Sports Sri Lanka (සමාජ මාධ්‍ය හවුල්කරු), Ralhum Sports (පන්දු හවුල්කරු), Mark UI (නිර්මාණ හවුල්කරු), MILO (ශක්තිජනක පානය හවුල්කරු) සහ Maggi (ආහාර හවුල්කරු) කටයුතු කරයි.

මාධ්‍ය හමුව අමතමින් සහිරා විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මාරිකාර් මහතා, විද්‍යාලයේ ගෞරවාන්විත රග්බි ඉතිහාසය සහ තරුණ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම සඳහා විද්‍යාලය අඛණ්ඩව ලබාදෙන දායකත්වය පිළිබඳව අවධාරණය කළේය.

සහිරා විද්‍යාලයේ Group of Sixties සංවිධානය රට පුරා සිටින රග්බි ලෝලීන්ට මෙම තරගාවලියට පැමිණ, මෙම ක්‍රීඩා සමයේ වඩාත් ආකර්ෂණීය පාසල් රග්බි තරගාවලිවලින් එකක් ලෙස සැලකෙන මෙම අවස්ථාව අත්විඳින ලෙස ආරාධනා කර ඇත.

මෙම මාධ්‍ය හමුවට Group of Sixties සභාපති අස්මි යූසුෆ් , ව්‍යාපෘති සභාපති එම්.එස්. මසීර් , ලේකම් මුහීසීන් අරිෆ් යන මහත්වරුන් මහතා ඇතුළු සංවිධාන කමිටුවේ සාමාජිකයෝ රැසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments