22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsගිනිඅවි සහා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ගිනිඅවි සහා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුසියාවේ නිෂ්පාදිත අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකකු හොරණ දී විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හොරණ කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩි. අල්විස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.06.25 වන දින කිරිඇල්ල පොලිස් වසමේ කිරිඇල්ල වත්ත, තලගහයට ප්‍රදේශයේ දී රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිණිඅවියක් හා එම අවියට යොදන බෝර 12 ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන යතුරු පැදියක ගමන් කරමින් සිටි අයගම සහ ගලතුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32, 34 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි රුසියාවේ නිශ්පාදිත බෝර 12 ගිණිඅවියක්,බෝර 12SG වර්ගයේ ජිව උණ්ඩ 07ක් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි බෙහෙත් කොටන අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලවංචිකුඩි කඳවුරේ පොලිස් පරීක්ෂක අයි.කේ.අයි. ඉලුක්කුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වාලච්චේන පොලිස් වසමේ කාන්මිරන්කාඩු ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන වර්ගයේ ගිණිඅවි දෙකක් සන්තකයේ තබාගෙන සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 48 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි වෙඩිබෙහෙත් කොටන වර්ගයේ ගිණිඅවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් බෝර 12 ගිණිඅවියක් සහ ජීව උණ්ඩ ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.පුවරසන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් පසුගිය යුධ සමයේ භාවිතා කරන ලැබු යැයි සැකකළ හැකි අත් බෝම්බ තුනක් සොයා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාරදි තිිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගලේවෙල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments