ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ නව ගමනක හරසර, අභිනවයෙන් තේරී පත්වූ විධායක කමිටු සාමාජියකන්ගේ ප්‍රථම හමුව සහ සාකච්ඡා වාරය කොළඹ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේදී නව සභාපති තුෂාන්ත මහගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදුබිමෙන් පන්නරය ලත් සුවහසක් ආදි ගන්කන්දයීයන් එක මිටට එකතු කරමින් සුවිසල් ශක්තියක් ගොඩනගන ඉදිරි වාර්ෂික සැළසුම් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් විදුහල්පති සුධීර ෆොන්සේකා මහතා, ආදිශිෂ්‍ය මව් සංගමයේ සභාපති ප්‍රියන්ත වැලිවත්ත, ලේකම් ප්‍රියන්කා දිසානායක සහ භාන්ඩාගාරික චම්පික පියදාස ද මේ අවස්ථාව සඳහා සහභාගී වූහ. ඉතා දැකුම්කළු තේජාන්විත අයුරින් මෙම කටයුතු සංවිධානය කළ දයාබර ආදි සොයුරු සහකාර පොලිස් අධිකාරී දිලිප් ද සිල්වා සොයුරාට අපගේ විශේෂ ස්තූතියද මෙහිදි පිරිනැමිණි.