22.8 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 2 ක් අද වාර්තා වුණා. ඒ, කොළඹ 11 සහ කැළණිය යන ප‍්‍රදේශවලින්. පළමු වන මරණය ලෙස වාර්තා වූයේ කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් තිබුණා. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මරණයට හේතුව ලෙස ද්කවා ඇත්තේ කොවිඞ් 19 ආසාදනයවීමෙන් ඇති වූ හෘද්‍යාබාධයක් ලෙසයි.

දෙවන මරණය ලෙස වාර්තා වූයේ කැළණිය ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු ඉකුත් පළමු වනදා සිට ඔහු හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබා තිබුණා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් 19 ආසාදනය උත්සන්නවීම හේතුවෙන් ඇති වූ හෘද්‍යාබාධයක් ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments