වෛද්‍යවරු රොගීන්වෙත වෙිදනා නාශකයක් ලෙස භාවිත කරන ඹෟෂධ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය බස්නාහිර උතුරු භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 116/2, දකුණු බුත්පිටිය, බුත්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඹෟෂධ සන්තකයේ තබාගෙන සිටි බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි Pregazime 150mg 530ක්,Pregabalin 150mg 190 ක්, Novapreg 150mg 880 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඹෟෂධ වල දළ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික වෙි. අත් අත්අඩංගුවට ගත් මෙම ඹෟෂධ මත්ද්‍රව්‍ය සඳහා ඇබිබැහිවුවන් සදහා මත්ද්‍රව්‍ය වෙනුවට භාවිතයට අලෙවි කරන ලැබු බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.
