හෙරොයින් සන්තකයේ තබාගෙන සිටිය දී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා සදහා සහාය දක්වමින් කප්පම් මුදල් ලබා ගනිමින් විවිධ නීති විරෝධී කටයුතු වල යෙදී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඒ.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) හංවැල්ල පොලිස් වසමේ අංක 302/3, බටේවෙල පාර, ජල්තර, රණාල ලිපිනයේ පිහිටි නිවස අසල දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරු පාතාලයේ දීප්ති නොහොත් චරා යන අයගේ සමීපතම ගෝලයෙකු වන අතර සමයං කල්ලිය විසින් චරා නැමැත්තා මධුෂ් කල්ලියේ වෙඩික්කරුවන් යොදවා වෙඩි තබා ඝාතනය කල පසු මෙම පුද්ගලයා බස් රථ ධාවනය වැනි විවිධ රැකියාවල නිරත වී සිට ඇත. පසුව මෙම පුද්ගලයා මේ වන විට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් පූකා චමින්ද යන අයගේ සමීපතම ගෝලයෙකු වන ගයාන් මධුශංක අත්තනායක නොහොත් ගයියා නැමැත්තා සමග එක්වී කඩුවෙල, ජල්තර, හංවැල්ල, රණාල යන ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් ව්‍යාපාරිකයින්ගෙන් හා බස් රථ වලින් කප්පම් මුදල් ලබා ගනිමින් විවිධ නීති විරෝධී කටයුතු වල යෙදී සිටි ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරු රණාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇත.