28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටි.එෆ්.අත්අඩංගුවට.

ප්‍රබල නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටි.එෆ්.අත්අඩංගුවට.

හෙරොයින් ග්‍රෑම් 102 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත ස.තො.ස ආයතනය අසල දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 102 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු උපාය දූතයකු දමා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

හෙරොයින් ග්‍රෑම් 102ක්, මුදල් රුපියල්415,500.00ක්, ජංගම දුරකථනයක්, ත්‍රී රෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දිය අසල දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 20 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි රූමත් කාන්තාවක් උපාය දූතයකු දමා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත. මෙම කාන්තාව මේ වන විට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ වේ.

එහිදි හෙරොයින් ග්‍රෑම් 20ක්, මුදල් රුපියල් 2,150,000.00ක්, ජංගම දුරකථන යක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments